ටෙලිනාට්‍ය අංශය ගැන කිසිම සඳහනක් නැහැ කියලා දැනගන්න ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සඳුන් රාජකරුණා

මම අධ්‍යක්ෂණය කළ නාට්‍ය නිර්මාණයක් හැටියට මේ දිනවල විකාශය වෙමින් තිබුණෙ, නීල පබළු නාට්‍යයයි. එහි කොටස් 490 ක් විකාශය වුණා. තව කොටස් එකසිය ගණනක් විකාශය වෙන්න තියෙනවා. එහෙම තිබියදී තමයි, මේ වසංගත තත්ත්වය නිසා නතරවුණේ. මේ විරාමය මාසයක් නම් උපරිමයෙන් දරාගන්න තිබුණා. ඒත් මාසයකටත් එහා ගිය මේ කාලයේදී, බොහෝ පිරිසක් ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින බව කියන්න පුළුවනි. මේ වටා ජීවත්වන්නෙ විශාල පිරිසක්. ඉදිරියේදී අනෙක් අංශ රාජකාරි පටන්ගන්න හැටි ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒ විදියට මෙම අංශයටත් වැඩ පටන්ගන්න සැළසුමක්, ක්‍රමවේදයක් හදලා දුන්නොත් හොඳයි. අපි මේ ගැන කතා කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ගියා. ඒත් මේ ක්ෂේත්‍රයට අදාළව සැළසුමක් තවම නැහැ කියලයි කිව්වෙ. ටෙලිනාට්‍ය අංශය ගැන කිසිම සඳහනක් නැහැ කියලා දැනගන්න ලැබුණා. මෙම ක්ෂේත්‍රයේ මා දන්නා තරමින් ජීවන වෘත්තීය කරගත්ත පිරිස සෘජුව 5000 කට වැඩියි. සමස්ථ පිරිස 20,000 කට වැඩියි. ඊට අමතරව මේ වටා බැඳුණු තවත් විශාල පිරිසක් සිටිනවා. සේවා සපයන පිරිසක් සිටිනවා. මේ විදියට මෙම කර්මාන්තය වටා ජීවනෝපාය කරගෙන ජීවත්වූ පිරිස අද ඉතා අපහසුතාවයට පත්ව සිටින මොහොතක්. මම හිතන විදියට, අපට ටෙලිනාට්‍ය නොකර ඉන්නත් බැහැ, ඊළඟට නාලිකාවල විකාශන කාලයේදී පරණ ඒවාම නැවත විකාශය කරවන්නත් බැහැ. මොකද අනුග්‍රාහකයින් දැන්වීම් ලබාදෙන්නේ අලුත් ඒවාට විතරයි. කොයි හැටි වෙතත් මෙය තරමක් සංකීර්ණ අවස්ථාවක්. මේ වසංගත තත්ත්වය හමුවේ විසඳුම මොකක්ද කියලා මට නම් හිතාගන්න බැහැ.

සඳුන් ගමගේ

20200521Sandun-1