මේ තත්ත්වය සමනය වුණත්, සිනමාව කවදා පටන්ගනීවිද කියලා හිතාගන්න බැරි අවිනිශ්චිත බවක් තියෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසංගත තත්ත්වය අපි කවුරුවත් බලාපොරොත්තු වූ දෙයක්. නෙවෙයි. අපි ඔක්කෝමලා අපේ ජීවිත කාලයේදී මුහුණ දුන් ව්‍යසනයක් මේ. අනෙක් ව්‍යසනවලට වඩා අපි ජීවිත කාලයේදී අත්විඳි දරුණුම ව්‍යසනයක්. ඒ නිසා අනෙක් වසංගත වලට වඩා අපට දැනුණා. අපේ රටේ යුද්ධයක් පැවතියා, සුනාමියක් ආවා, මේ සෑම දෙයකදීම කවදාහරි ඒවා නවතීවි කියන දේ අපි දැනගෙන හිටියා. ඒත් මේ වසංගතය ගැන අපට එහෙම කියන්න බැහැ. මුළු ලෝකයම නැවතිලා.

අද මම ටෙලිනාට්‍යය කරන්නෙ නැහැ. සිනමාව අද මගේ භාවිතයයි. එතැනදි අපි ලොකු ගැටළුවකට මුහුණදීලා ඉන්නෙ. ‘ගින්දරී - 3’ මැයි මාසයේදී රිලීස් කරන්න හිටියෙ. දැන් රට යථා තත්ත්වයට පත්වුණත් සිනමාව විවෘත කිරීම ගැන තියෙන්නෙ ලොකු ගැටළුවක්. එකක්, මිනිසුන්ට රොද බැඳෙන්න බැහැ. අනෙක විනෝදාස්වාදය වෙනුවෙන් මිනිස්සු මුදල් වෙන් කරන්නෙ අනෙකුත් සියලු දේ වෙනුවෙන් මුදල් යෙදවීමෙන් පසුවයි. ඒ නිසා මේ තත්ත්වය සමනය වුණත්, සිනමාව කවදා පටන්ගනීවිද කියලා හිතාගන්න බැරි අවිනිශ්චිත බවක් තියෙන්නෙ. මට හිතෙන විදියට මේ අවුරුද්ද නිමාවන තෙක් අපට යළි සුපුරුදු තත්ත්වයට එන්න බැරි වේවි.

සඳුන් ගමගේ

20200523Udaya-1