රඟපානවාට වඩා මට හොඳට පුළුවන් නටන එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින හිමායා සමුදි අද බොහෝ පිරිසක් දන්නා හඳුනන ළමා රංගන ශිල්පිනියකි. කිරිමැටියාන බෞද්ධ බාලිකා විද්‍යාලයේ වර්තමානයේ අධ්‍යාපනය ලබන ඇය  දැනට නමවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටියි. ‘සාරවිට’ අපි ඇසු ප්‍රශ්නවලට ඇය දැක්වූ ප්‍රතිචාරයන් මේ. 


20200530Himaya-3

හිමායාව අපි මුලින්ම දැක්කේ? 

සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘සුජාතා’ ටෙලි නාට්‍යයේ. එහි මම ‘මලිති’ කියන චරිතය තමයි නිරූපණය කළේ. මම හිතන විදිහට එතකොට මට ඇති අවුරුදු නමයක් දහයක් විතර ඇති.  


දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ මොනවද? 

‘සුජාතා’ ටෙලි නාට්‍ය යෙන් පස්සේ ගොඩක් නිර්මාණවලට මම දායක වුණා. ඒ අතරින් ‘සකි’, ‘හතේ කල්ලිය’ වගේ ටෙලි නාට්‍යය චරිත ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය වුණා. 


හිමායාට කවුද රඟපාන්න කතා කළේ? 

පාලිත ලොකුපොත්ගම මහත්මයා තමයි මාව කලාවට සම්බන්ධ කළේ. ඒ වගේම ප්‍රියන්ත, රවින්ද්‍ර විජේරත්න හා තරංග මාමලාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මේ මොහොත්දී. මොකද. ඔවුන්ගේ නිර්මාණවලට තමයි මම දැනට ගොඩක්ම සම්බන්ධ වුණ නිසා. 


ප්‍රේක්ෂයෝ හිමයා ගැන ගොඩක් කතා කළේ මොන චරිත හරහාද? 

මුලින්ම නම් ‘සුජාතා’ ටෙලි නාට්‍යයේ ‘මලිති’ කියන චරිතය තමයි මිනිස්සු අතර මාව ජනප්‍රිය වුණේ. මෑතකදී නම් ‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යයේ ‘චන්ඩි ශාමා’ විදිහට.  දැන් ‘චණිඩ් ශාමා’ කිව්වොත් හැමෝම වගේ මව දන්නවා අඳුනනවා. 


කවුද ඔබ වඩාත්ම කැමති රංගන ශිල්පියා හා ශිල්පිනියි?

හේමාල් රණසිංහ මාමා හා මහේෂි මධුෂංකා නැන්දා. ඒ දෙන්නාගේ රංගනයන් ඉතාම ඉහළයි. ඒ වගේම ඒ දෙන්නා ගොඩක් ලස්සනයි. මම හරිම ආසයි ඒ දෙන්නා රඟපාන ටෙලි නාට්‍යය චිත්‍රපට බලන්නත්. 

ලොකුවුණාම හිමායා කවුරු වෙයිද? 

මම ආසයි නැටුම් ගුරුවරියක් වෙන්න. අනික දැන් වුණත් මට හොඳට නටන්න පුළුවන්. රඟපානවාටත් වඩා මට හොඳට පුළුවන් නටන එක තමයි.

උදව් කරපු අය ගැනත් අපි කියමු?

අම්මා, තාත්තා, අක්කා ගැන මුලින්ම කියන්න ඕනා. ඒ අයගේ උදව් නිසා තමයි අද මම කලාවට සම්බන්ධ වෙලා මෙතෙක් දුර ආවේ. ඊට අමතරව  ප්‍රියන්ත, රවින්ද්‍ර, තරංග මාමලා මතක් කරන්න ඕනා. නදික කරුණානායක, ජයත් කරුණානායක, ශර්මිලා මුදුන්කොටුව, ඉනෝකා ගමගේ, ගිතානි ජයකොඩි මාමලා හා නැන්දලා මේ හැමෝම මේ වෙලාව ආදරයෙන් මම මතක් කර සිටිනවා. 

බුද්ධික සේනාධීර

20200530Himaya-1 20200530Himaya-2