හැමෝම වගේ කතාකරපු ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා ගැන වෙනස්ම කතාවක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමිතා එරන්දතී මුදුන්කොටුව කිව්වම ඇයව නොදන්න කෙනෙක් නැහැ.
 
ගායන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත සමිතා ගැන දැන් දැන් අමුතු කතන්දර ටිකක් ඇහෙන්න පටන් අරන්..
 
මෙතනින් රසිකයින් පුදුමයට පත් කරපු අලුත්ම ආරංචිය වුණේ, ඇය ආයෙම වතාවක් විවාහ වෙන්න යනවා කියන කතාව... හැබැයි සමිතා නම් මේ ගැන සෘජු පිළිතුරක් දුන්නේ නැහැ.

පසුව ඇය සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි,
 
“ඇත්තටම මම ඔය ගැන කතා කරන්න කැමති නැහැ. මඩ ගහන අය කොහොමත් මඩ ගහනවනේ. මාධ්‍ය වුණත් කරන්න ඕනේ කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතිං මම කැමතිනැහැ මේ වෙලාවේ කිසිම දෙයක් ගැන කතා කරන්න. මට පාඩුවේ ඉන්නයි අවශ්‍ය”
 
“ඒක මියුසික් වීඩියෝවක්ම කියන්න බෑ. කොහොම වුණත් අපි අලුත් දෙයක් කළාම ඒ ගැන කතා කරමු. ඒක හොඳයි නේද?”
 
ඔය අතරේ සමිතාගේ පෙම්වතා කියන තරුණයා ගැනත් විවිධ ආරංචි පැතිරෙන්න ගත්තා. ඔහු "ටික්ටොක්" හරහා ජනප්‍රිය වුණු තරුණයෙක් කියලා බොහෝ දැන අඳුනන්නේ..
 
තමන්ගේ මව ගැන පැතිරෙන කටකතා-වලට සහ ඇයට එල්ල වුණු මඩ ප්‍රහාර-වලට සමිතාගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිත් පහුගිය දින කිහිපයේ ඇගේ ෆේස්බුක් ගිණුම හරහා පිළිතුරු දීලා තිබුණා.

 
කොහොම වුණත් බොහෝ පිරිසක් කියන්නේ, සමිතා මේ වැඩේ කරලා තියෙන්නේ ඇගේ ගීත රූප රචනාවක් ජනප්‍රිය කරගැනීම වෙනුවෙන් බවයි...
 
තවත් ඇයට ආදරය කරන පිරිසක් සඳහන් කරලා තිබුණේ, ඇය තමන්ගේ රූප රචනයක් ජනප්‍රිය කරගැනීම වෙනුවෙන් මෙවැනි තත්ත්වයකට වැටීම එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලයි..
 
ඔය කතන්දර ඔක්කොම අස්සේ, ජනප්‍රිය පද රචකයෙකු වන ඩිලාන් ගමගේ මීට පැය කිහිපයකට කලින් ඔහුගේ ෆේස්බුක් ගිණුමට සමිතා මුදුන්කොටුව සමඟ පෙනී ඉන්න ඡායාරූපයක් එකතු කරලා තිබුණා.
 
මෙහි ඩිලාන් සඳහන් කර තිබුණේ, "හැමෝම බලන් හිටපු සිංදුව හෙට හවස 6ට" ලෙසයි..
 
මේ අතරම.. සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරිත් සමිතාගේ ගීතයක් ළඟ ළඟම එන වග කියමින් මුහුණූ පොතට ඡායාරූපයක් එකතු කර තිබුණා.

20200530Samitha-1 20200530Samitha-2