දෙවැනි රැල්ලක් ආවොත් අනාථයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජිත දිසානායක

2020 “සිහින හොරු අරන්” අලුත් නිෂ්පාදනයක් ලෙස වේදකාවට ගෙනාවා. ඊට අමතරව “නැතුව බැරි මිනිහෙක්” වේදිකාගත කරමින් සිටියේ. කොරෝනා වසංගතයට පෙර, පුංචි තියටර් එකේ දර්ශනයක් කළා. මාර්තු 15 සහ 18 හිතලා ගත්ත තීරණයක් සහ නැතුව බැරි මිනිසෙක්, වේදිකාගත කරන්න ටිකට්ස් පවා අලෙවි කරලා තිබුණෙ. ඒත් ඒ දර්ශන මැයි- වලට කල් දැම්මා මැයි මාසයේදීත් බැරි වූ නිසා නියමයක් නැතුව කල් දාලයි තියෙන්නෙ. සෞඛ්‍ය බලධාරින් ලබාදෙන තත්ත්වය එක්ක තමයි ඉදිරිය තීරණ වන්නෙ.

සාමාන්‍යව පැවති කාලයේදීත් වේදිකාව තිබුණෙ, සෙනග බහුලව ආ ස්ථානයක් ලෙස නෙමෙයි. රඟහල් පිරෙන්න තරම් ප්‍රේක්‍ෂකාගාරයක් තිබුණෙ නැහැ. ඒත් නාට්‍යයක් නරඹන්න නිරන්තරයෙන් ආ පිරිස් සිටියා. ඒ විදියට අපි නාට්‍ය නිර්මාණ පවත්වාගෙන ගියේ විශාල කැප කිරීමක් කරමින් නැවතත් ඒ තත්ත්වයට ළඟාවීම පහසු දෙයක් නෙවෙයි. නැවතත් පටන් ගන්නෙ කවදද? කොහොමද කියලා අපටත් තවම හිතා ගන්න බැහැ. සජීව රංග කලා මාධ්‍යයක් නිසා දුරස්ථභාවය රකින්නත් බැහැනෙ. බැරි වෙලාවත් කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත්, අපට සෑහෙන කාලයක් යනතෙක් බලා ඉන්න සිදුවේව. වෙනත් විකල්ප ඒ හැර නැහැ. කොයි හැටි වෙතත්, නැවතත් ප්‍රවේශ වෙද්දී ආකර්ශණීය ප්‍රවේශයක් ගැන අපට හිතන්න වේවි. මේ දිනවල ඒ ගැන සිතමින් ඉන්නෙ.

සඳුන් ගමගේ

20200610Rajitha-1