ජීවිතය අනිත්‍ය බව පහුගිය මාස 6 තුල මට අවබෝධ වුනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200616Michel-(2)

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් රජයේ හෙද නිළධාරී සංගමයෙන් මිෂෙල්ටත් ආරාධනාවක්

ලෝක මිහිතල දිනයට සමගාමීව මිෂෙල්ට තානාපති දූරයක්

මිෂෙල් දිල්හාරා කියන්නේ මේවනවිට පුංචි තිරය ඔස්සේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනයක් වී ඇය රංගන කටයුතු වලට පමණක් සීමා නොවී සමාජයේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන අයෙකු ලෙස දැක ගැනීමට බොහෝ අවස්ථා තිබේ. පසුගියදා පැවැති ජාත්‍යයන්තර හෙද දිනය වෙනුවෙන්ද ඇයටත් ආරාධනා හිමිවිය. ඇය දායක වූ ගීතයක් පසුගිය දිනවල කතාබහටද ලක්විය. මේ කාරණා පිළිබඳව කතාබහ කිරීමට මෙලෙස අපත් සමග ඇය එක්විය.

 

අලුත් වැඩේ ගැන මුලින්ම කියමකෝ?

අභිශේක විමලවීර අක්කා මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ලගදී මටත් දමිතා අබේරත්න මහත්මියටත් ආරාධනා කරලා "නේත්‍රා" music video එකකරා. මේ music video එකේ ලොකු වෙනසක් තිබුනා. මෙහි රූප රචනයෙත් අභිශේකා අක්කාගෙ හඩෙත් lyrics වලත් සමාජයට අදවෙන කොට අමතකවෙලා තියනවා. එහෙම නැත්නම් අපේ අතින් නොදැනුවත්වම සිදුවෙන හින්සනයක් පිලිබඳව ඇයකතාකරා. මම මේක දකින්නේ තවත් වානිජමයේ කටයුතුත්තක් ලෙස නෙමෙයි අපි හැමෝම කරන වරදකින් අපි නොදැනුවත්වම ආත්ම ගනනක් අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙන ක්‍රියාවක් මේ ජීවතකාලයේදීම අපිට අවබෝධකර දෙමින් එම වැරැද්දෙන් අපිව මුදවාගැනීමට කරපු උත්සහයක් ලෙසයි. මේ වගේ නිර්මාණ වලට වානිජ වටිනාකමක් නැති බැවින් අද වානිජතලයේ ඉන්න video එකක් සමග තරග කිරීමට නොහැකි බවත් මේ කාලවකවානුවේදීමෙ music video එකට හිමි නිසි ඇගයීම් නොලැබුනත්තව ශතවර්ශයක් ගියාට පසු අපේ රට අනිත් රටවල් වලට වඩාසාරදර්ම අතින් දෙමව්පියන්ට කලගුන සලකපු සමාජයක් ලෙස ඔවුන් අප ගැන විනිශ්චය කරයි කියලා මම විශ්වාස කරනවා.

 

අපේ රට මේ වෙද්දී ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වෙනවා නේද?

ඔව්. මමත් හිතනවා ඉතාමත් ඉක්මනින්ම මේ තත්ත්වය ඉවරවෙයි කියලා. මේ වෙලවේ කොරෝනා වසංගතය නිසා රටේ පවතින තත්ත්වයට අතිගරු ජනාධිපතිතුමා ඇතුලු ආදරණීය රනවිරුවන්, වෛද්‍යවරුන්, හෙද නිලදාරීන්, සියලුම මාද්‍ය ආයතන සහ සෞඛ්‍ය අංශයේ සියලුම නිලදාරීන් ඔවුන්ගේ ජීවිත පරදුවට තියලා විශාල සේවයක් කරනවා අපි වෙනුවෙන්. ඔවුන්ගේ කැපකිරීම නිසා තමයි මේ වසංගත තත්ත්වය අපේ රටේ මේතාක් දුරට පාලනය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. 

 

මේක තව දුරටත් තර්ජනයක් වෙයි කියලා සෞඛ්‍ය අංශ කියනවා නේද?

ඇත්තෙන්ම ඔව්. සෞඛ්‍ය අංශයෙන් අපිට ලබාදීල තියන උපදෙස් අපිට හැකි පමනින් පිලිපදින්න උත්සහ කරොත් මං හිතන්නේ අපිට පුලුවන් වෙයි අපේ පවුල සහ අපේ රට මේ වසංගතයෙන් බේරගන්න.

 

20200616Michel-(1)

සෞඛය අංශය ගැන කියද්දී ඔබටත් ආරාධනාවක් ලැබුනා නේද?

ජාතික හෙද දිනය මේ මස 12 වැනි දිනට යෙදී තිබුණා. මෙය සියලු ලෝකවාසී හෙද හෙදියන්ට ඉතාමත් වැදගත් වන දිනයක්. පසුගිය වසර ගනනාවල විවිධ තේමාවන් ඔස්සේ මෙම උත්සවය සැමරුවත්, මෙවර කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙම උත්සවය පැවැත්වුයේ විශාල බාදක මැද්දේ.මෙවර තේමාව වූයේ "සෞඛ්‍යමත් ලොවකට සත්කාරය හෙදියගේ නායකත්වය" යන්නයි. දිනය සැමරීම අපගේ යුතුකමක් බැවින් මෙම වියසන අවස්ථාවේදී සුලු වශයෙන් හෝ එය කලයුත්තක් බැවින් අප සැම ගහට කොලට, සතා සිවුපාවටත්, මිහිතලයටත්, සොබාදහමටත් එක සේ ආදරය කරන මිනිසුන් වශයෙන් පැලයක් සිටවා මෙම දිනය සැමරීමට සැලසුම් කලා. 

 

මේ සඳහා ඔබ එක්වෙන්නේ කොහොමද?

ජාතික හෙද දිනය සමරන්න ප්‍රධාන අමුත්තිය ලෙස මට වගේම,මනූශා නවරත්න මහත්මියටද, මීගමුව රෝහලේ අද්‍යක්ශකතුමන්ටත්, විශේෂ ශ්‍රේනියේ හෙද නිලදාරීන්ටත්, හෙද සොයුරියන්ටත් රජයේ හෙද නිළධාරී සංගමයේ උපසභාපති සිසිර කුමාර මහතා ඇරයුම් කොට තිබුනා. 

 

ලැබුණු තනාපතිධූරය ගැන කිව්වොත්?

2020 අප්‍රේල් 22 වන දින පැවැත්වුනු ලෝක මිහිතල දිනය වෙනුවෙන් පැවති උත්සවයේ අති උතුම් පාප්වහන්සේද, 45 වන ඇමරිකානු උප ජානාදිපති ඇල්ගෝ මහතාද, ඇමරිකානු රාජතාන්ත්‍රික ලේකම් ජෝන් කෙරී මහතාද, හොලිවුඩ් නලු ලියනාඩෝ ඩිකැප්‍රියෝ මහතාද, බොලිවුඩ් නලු අනිල් කපූර් මහතාද, එක්සත් ජාතීන්ගේ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් (Antonio Guterres) මහතාද සහභාගීවූ අවස්ථාවට මටත් සහභාගී වෙන්න ආරාධනාවක් ලැබුණා.My Future My Voice වැඩසටහන හරහා සහභාගිවී දේශගුනික විපර්යාස ගැන මගේ මතයද මෙම සම්මේලනයට තෝරගනු ලැබුවා. මීට අමතරව ඇමරිකාවේ Washington DC නුවරේ පිහිටී ලෝක මිහිතල දින ( Earth Day ) ආයතනයෙන් ලෝක මිහිතල දිනයට සමගාමීව මට තානාපති දූරයක් ලබා දුන්නා. ඒ පිළිබඳව ඔවුන් නිකුත් කල මාද්‍ය නිවේදනයේ සදහන් වනවා.

 

ඔබ රංගන කටයුතු වලට වඩා දැන් සමාජ සේවා කටයුතු සඳහාද මුල් වෙන්නේ?

එහෙම කෙනෙක්ට හිතන්නත් පුලුවන්. නමුත් පහු ගිය මාස තුලත් ක්‍රිස්ටි ශෙල්ටන් මහතා අද්‍යක්ශනය කරන වසන්ති චතුරානී මහත්මිය නිශ්පාදනය කරන "සකුන පියාපත්" ටෙලිනාට්‍ය, තිලින බොරලැස්ස මහතාගේ "අපි නැති අපි", නිමල් රත්නායක මහතාගේ "කිසා", ඉරේශ් ලොකුබණ්ඩාර මහතාගේ "වරමද්ද" සහ රොශාන් වීරසිංහ මහතා අද්‍යක්ශනය කල බට්‍රම් නිහාල් මහතා ලියූ "සිහින කුමාරී" යන නාට්‍ය වල පහු ගිය මාස තුන හතරේ මම වැඩ කරලා තියනවා.

 

සමාජය වෙනුවෙන් කරන කටයුතු පිලිබඳව ඔබට දැනෙන දේ ගැන කිව්වොත්?

වයස 15 ඉදලා ළමා නිවාස වල ලබපු අත්දැකීම්මුත් ඒවා වෙනස් කරන්නට වයස 20 පමන තෙක් කරපු සියලුම ක්‍රියාකාරකමුත් එකල මම වයසින් මුහුපුරා ගිය කෙනෙක් නොවීමත් නිසාත් ජයග්‍රහණය වලට වඩා තිබුනේ පරාජ. මේ නිසා ඒ කාලය තුලදී මම ගොඩක් කලකිරීමෙන් හිටියේ. මේ කිසිවක් මට තනියම වෙනස් කරන්න බෑ කියලා තේරෙනකොට මට අවුරුදු 20 ක් විතර ඇති. රංගන ශිල්පීනියක් වුනාට පස්සෙ පුවත්පත් මාද්‍ය, අන්තර්ජාලය සහ TV මාද්‍ය මගින් මගේ ඉල්ලීමට ඉඩක් ලබා දුන්නා. ඒ උපකාරයෙන් වෙනදටත් වඩා හිතේ හයියකින් යමක් සමාජයට කරන්න මට අවස්ථාවක් ලැබුනා. කවදත් මගේ හරි තීරන වලට මාද්‍යයෙන් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

 

සමාජය වෙනුවෙන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩකටයුතු මොනාහරි තියෙනවාද?

ඔව්. ආ මග කෙටී යා යුතු දුර බොහෝමයි. වැඩිහිටි ප්‍රජා මද්‍යස්තානය ශ්‍රී ලංකාව තුල තවත් ව්‍යාප්ත කිරීමටත් ඉද්රියේදී තවත් උත්සහ කරනවා.

 

රංගන නිසා ඔබට ආදරය කරපු අයට මේ සමාජ සේවා කටයුතු නිසා යම් අසාධාරණයක් සිදුවෙනවා නේද?

ආදරය කියන එක පටන් ගන්නේ අපි ගැන නෙවෙයි තව කෙනෙක් ගැන අපි හිතන්න පටන්ගද්දියි කියලයි මට හිතෙන්නේ. Facebook එක හරහාත්, අන්තර්ජාලය හරහාත් මම මෙතෙක් රගපෑ නාට්‍ය හරහාත් විශාල යහලුවන් පිරිසක් එකතු කරගැනීමට මට වාසනාවක් ලැබුනා. මමත් මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් ඉගෙනගෙන මේ රටේ සංස්කෘතිය තුල හැදී වැඩී පෝශනය වී මේ රටේ සම්පත් වලින් ජීවතය ගොඩනගාගෙන මේ රටේ මහජනතාවගේ රුචිකත්වයෙන් රංගන ශිල්පීනියක් යන රක්ෂාව ගොඩනගාගෙන එම රක්ෂාවෙන් සැප සම්පත්, මුදල් මට ලැබෙනකොට එහි කොටසක් ආපහු මට මගේ රක්ෂාව ගොඩනගන්න මං වෙනුවෙන් කපවුනු මේ සියලු දෙනාට එහෙම නැත්නම් මට ලැබුනු ලාබයෙන් ඔවුන්ට හිමි කොටස නැවත ඔවුන්ට ලබා දීමට දරන උත්සහයයි අද මම සමාජ සත්කාර කරනවා යැයි කියන්නේ. මම කරන්නේ සමාජ සත්කාරයක් නෙමෙයි, මට හිමි නැති කොටස නියම අයිතිකරුවන්ට මම දරන උත්සහයක්.

 

ජීවිතයට තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ජීවිතය අනිත්‍ය බව පහු ගිය මාස 6 තුල මට අවබෝධ වුනා. වයස 24 දී මේ ගැන තේරුම්ගැනීන ලොකි බාග්‍යක් කියලා මට තෙරුම් ගියා. මට ඉස්සරහට targets ගොඩක් තියනවා. හැබැයි ඒ කිසි දෙයක් මනසට පීඩනයකින් තොරව හෙමින් හෙමින් දිනුම් කනුවට ගමන් කරන්නටත් කඩා වැටුනු අවස්ථාවලදී ඒ කර්තව්‍යය නැවත මුල ඉදන් පටන්ගන්නටත් හිතින් අදිෂ්ඨාන කරගත්තා. මිනිස්සු දිනන්නෙත් පරදින්නෙත් තමන්ගේ හිතේ ඒ මොහොතේ ඇතිවෙන සිතුවිලි වලින් නිසා ජයග්‍රහණ, target මේ හැම දෙයක්ම අපි තුලම අපි ඇතිකරගන්න සිතුවිලි කියලා මම තේරුම් අරන් ඉවරයි. මම පටන්ගත්ත සමාජ ක්‍රියාවන් ඒ විදිහටම කොච්චර බාදක ආවත් කරගෙන යන්න මම අදිෂ්ඨාන කරගත්තා මොකද මේ රටේ ඉන්නවා වැඩිහිටි වියපත් දෙමව්පියන් පිරිසක් "කොන්ක්‍රීට්" එක සවි වූ පසු "සැටලිම ගලවපු" නිසා තනි වෙච්ච, සමාජයෙන් ඉවතට විසි වෙච්ච සහ සමාජ අද්‍යක්ශන තත්ත්වයට ලක්වූ දෙමව්පියන් පිරිසක්. ඔවුන් සදහා මම පටන් ගත්ත වැඩපිලිවල මම දිගටම කරගෙන යනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත

20200616Michel-(3)