රොඩ්නි විදානපතිරණගේ හිම තාරකා යළිත් ගම්පොළ ආනන්ද සිනමාහලේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරෝනා වසංගතය නිසා තාවකාලිකව වැසී ගිය සිනමාහල් යළි විවෘත කිරීමත් සමග රොඩ්නි විදාන පතිරණ අධ්‍යක්ෂණය කල හිම තාරකා චිත්‍රපටය නැවතත් ගම්පොළ-ආනන්ද  සිනමාහලේදී ප්‍රදර්ශනය කෙරේ.

කුතුහලය දනවන ආදර කතාවක් ඔස්සේ දිව යන හිම තාරකා චිත්‍රපටය නිව්යෝර්ක් චිත්‍රපට  උළෙලේදී හොඳම නළු සම්මානය දිනු ජගත් චමිල තරුණ හා මැදිවියේ චරිතයකට පණපෙවු ඒ සමඟ ප්‍රකට නළු අමරසිරි කලංසුරිය යළි හිම තාරකා තුළින් හමුවීමද විශේෂයකි.

නදී චන්ද්‍රසේකර, වසන්ති ගුණරත්න, මොරින් චාරුනී, ස්ටැන්ලි කරුණාරත්න සමග විමල් අලහකෝන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

සංගීතය විශාරද මනෝජ් පීරිස් සමග නිමල් ගුණසේකර ගෙනි.  කැමරාකරණය කිත්සිරි හේවගේ සහ රංග කාරියවසම්ගෙනි.

සංස්කරණය ගයන්ත සම්පත් සහ මහේන්ද්‍ර සේනාරත්නගෙනි. හිම තාරකා ඉතාලියේ පතිරෙන්සි නගරයේදී මීට කලින් ප්‍රදර්ශනය විය.

මාලන් විදානපතිරණ තිර රචනය කළ ‘හිමතාරකා’ කාන්ති අලහකෝන්  නිෂ්පාදනයකි.

20200625Film-1