පුදුමාකාර සතුටක්, අපි මේ මොහොත එන තුරු බලාගෙන හිටියේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලස්සන Photo Shoot එකක් . ගොඩක් අය, දෙන්නටම සුබපතනවා ඇති නේද?
'ඔව් ඒ සුබ පතන්නෙ ප්‍රෙග්නන්සි එකට.'..

ඉතින්?
'ඉතින් දැන් එයා නොකියම ඇවිත්'
ධනංය කිව්වෙ සතුටින්.

දුවෙක්ද? පුතෙක්ද?
'දුවෙක්.'...

අපෙන් සුබ පැතුම් දෙන්නටම!

ධනංජයයි ශෂිනියි දෙමව්පියන් බවට පත්වෙලා..

'ඒක අහම්බයක්. එයාට එන්න නියමිත දින තව ඉදිරියට තිබුනේ. අපි බලාපොරොත්තුවෙන් හිටියෙ 07වෙනිදා වගේ බබා ලැබෙයි කියලා. ඒත් ජූලි 01දා හවස බබා ලැබුනා'.

දැන් ඉතින් ඊගාවට තියෙන්නෙ නමක් හොයන්න නේද?
'මම නමක් තෝරගෙන හිටියෙ. එයාගෙ නම මෞර්යා තව මැදට නමක් එන්න තියෙනවා. දැනට ඒ නම දාලා තියෙනවා'.

කොහොමද දැනෙන හැගීම.?
'පුදුමාකාර සතුටක් අපි මේ මොහොත එන තුරු බලාගෙන හිටියෙ'

ලොකු වගකීමක් නේද දරුවෙක් කියන්නෙ

'අනිවාර්යයෙන්ම ඒක පුදුම හැගීමක් සහ වගකීමක්. අපි කොච්චර හිතුවත් අහලා තිබ්බත් බබා දැක්කහම, අතට ගත්තහම තමා ඒ දේවල් හරියටම දැනෙන්නෙ ගත්තේ. මට ඒක හරියට පැහැදිලි කරන්න තේරෙන්නෙ නැහැ. ඒක ඒ තරම් විශාල හැගීමක්.'

ධනංජය කිව්ව වැදගත්ම දේ තමා 'අපට මේ සමාජය හදන්න නම් බැරිවෙයි ඒත් අපි දරුවට මේ සමාජයේ ජීවත්වෙන්නෙ කොහොමද කියලා කියලා දෙනවා. එයා එතකොට මේ සමාජෙ තියෙන දේවල්වලට අනුගතවෙලා හැදෙයි'.


මනෝහාරී

20200706Dananjaya-1