රංගන ශිල්පී බුද්ධික ජයරත්න විදීයේ කෑම කඩයක් කරන තරුණයෙක් සමග ගත් ඡායාරූපයක් පිටුපස සැඟවුණු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙතන පමනක් නොව රට පුරාම මෙවැනි උත්සහවන්තයින් covid උවදුරෙන් පසු සුලභ දසුනකි..

හැන්දෑවේ මම බිරිද හා දරුවා සමග ගියේ එලියෙන් මොනවා හරි කන්න හිතාගෙනය....

බුද්ධික ජයරත්න කියන්නේ මෑත කාලයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම හිරු ටීවී තුළින් විකාශය වන අහස් මාලිගා ටෙලිනාට්‍යයේද මේ දිනවල දකින්න ලැබෙන ඔහු ගැනයි මේ කතාව.

කොවිඩ් උවදුරෙන් බැට කා ජීවිතය ගොඩනගන්න වෙහෙසෙන වීදීයේ සිටින උත්සාහවන්ත මිනිසුන් ගැන කියැවෙන මේ කතාව ඔහු සිය මුහුණු පොතේ පළකර තිබෙනවා..

මෙහි ඇති විශේෂ කාරණය බුද්ධික ජයරත්න නළුවෙක් ලෙස කිසිම දිනෙක වෙලඳ දැන්වීමක ප්‍රවර්ධන කටයුත්තක් සඳහා සහභාගී නොවීමයි.

කෙසේ වෙතත් "මට අගයක් දුන් උබලා හැමෝම වෙනුවෙන් ඒ අගයෙන් හැකිවිදිහට උදව්වක් උපකාරයක් කරන්න කාලය ඇවිලා කියලා මට හිතෙනවා" මුහුණු පොතේ දැමූ එම සටහනේ මේ විදිහේ කතාවකුත් තියෙනවා.

 

අදාළ සටහන පහතින්.......

මෙය වෙලද දැන්වීමකි ( නමුත් කිසිදු මුදලක් හෝ නොමිලේ ආහාර වේලක් හෝ මා මේ වෙනුවෙන් ලබා නොගතිමි) තවද මෙවැනි මේ රටේ උත්සාහවන්ත මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ අලෙවි ප්‍රවර්ධනය උදෙසා මා නොමිලේ පෙනී සිටීමට කැමති බවත් , එවැනි උදව්වක් අවශ්‍ය අය inbox කරන්න..

තලවතුගොඩ සිට කෝට්ටේ පැත්තට හැන්දෑවේ මම බිරිද හා දරුවා සමග ගියේ එලියෙන් මොනවා හරි කන්න හිතාගෙනය.. කිබුලාවල හන්දියට ලං වෙද්දී මා දුටුවේ එග දිගට තම තම්න්ගේ වාහන නවතා තාවකාලිකව අටවාගත් කුඩා restaurant විශාල ප්‍රමානයකි..

මා එක් කඩයක් ලග නවතා අපි තිදෙනා හා මාගේ රියදුරු මහතා ඉතා සාධරන මුදලකට බඩ පැලෙන්නට කා කඩේ අයිති මල්ලී සමග පොඩි chat එකක් දැම්මේය.. විදායක ශේනියේ රැකියාවකින් ඔහු අයින්වෙන්නෙ තම මෑනියන් රෝගාතුර උන නිසා බවත් මෑනියන්ගේ අභාවයෙන් පසු රැකියාවක් නොලැබුන බවත් තම බිරිද පියා සමග පවුල ජීවත්කරවන්න ඔහු මේ තීරනය ගත් බවත් පැවසීය..

වටිනාම දේ එය නොවේ .. මෙතන පමනක් නොව රට පුරාම අපි මෙවැනි උත්සහවන්තයින් covid උවදුරෙන් පසු සුලභ දසුනකි... මෙය ඉතා හොද ප්‍රවනතාවකි.. Attitudes බල්ලට දමා , ego ( හීනමානය) වලලා දමා තමාගේ ගමන අවංකව උත්සාහවන්තව යා යුතු කාලය එලෙඹ ඇති බව ඔවුන් තේරුම් ගැනීමයි..

කැමතියි උබලා ඔක්කෝටම එක කඩයගානේ හදලා දෙන්න.. ඒත් කෝ මට ඒකට සල්ලි?? නමුත් උබලා මාහට අගයක් දීලා කලාකාරයෙක් හැටියට. ඒ අගය කිසිම භාන්ඩයකට හෝ සේවාවකට වෙලදනාමෙකට මා වික්කෙ නෑ.. නමුත් මට අගයක් දුන් උබලා හැමෝම වෙනුවෙන් ඒ අගයෙන් හැකිවිදිහට උදව්වක් උපකාරයක් කරන්න කාලය ඇවිලා කියලා මට හිතෙනවා....එවැනි ශක්තිමත් ශ්‍රීලාංකික තාරුන්‍යට මාගේ උපහාරය මේ..!!

20200723Buddika-(1) 20200723Buddika-(2) 20200723Buddika-(3)