බුකියම සංවේදී කරමින්, අවසන් ගමන් ගිය සුරූපි නිරූපිකාවක වන කේශාරී මිය ගිය හේතුව හෙළි වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොරලැස්ගමුව, තල්ගහවත්ත පාර සිසිල පටුමඟේ නිවෙසක් තුළදී ස්නානය කිරීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු හා තරුණියක් වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වේරහැර, ‍ෙදාළහේනවත්ත, පදිංචි චමිදුකා වැලිකලගේ කේශරී (20) නමැති අවිවාහක තරුණියක බව පොලිසිය කියයි.

මෙම තරුණිය බොරලැස්ගමුව තල්ගහවත්ත පාරේ, සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේදී 15දා දහවල් ස්නානය කොට ඇති අතර ඉන් පසුව ඇයට උගුරේ ආබාධයක් හා හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුව ඇතැයි පැවසෙනවා.

ඊට පෙර ස්නානය කළ තරුණියගේ සහෝදරියගේ එකොළොස් හැවිරිදි දරුවාටද මෙම අසාත්මිකතාව තිබීම නිසා, දෙදෙනාම ප්‍රතිකාර සඳහා වේරහැර, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී, තරුණිය මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ජල ටැංකියක් නිවෙසේ ඇතත්, එහි ජලය භාවිත නොකොට, ප්‍රධාන නළ මාර්ගයෙන් ලැබෙන ජලයෙන් මෙසේ ස්නානය කර ඇත්තේ, පළමුව උණු වතුරෙන්ද ස්නානය කිරීමෙන් අනතුරුව බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

පසුව රෝගීන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙන එන අතරතුරදී අධික ලෙස කෙමිකල් දුගඳක් වහනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

එසේම තරුණිය ස්නානය කිරීමට පෙර කිසියම් ආලේපන ද්‍රව්‍යයක් සිරුරේ ගල්වා ඇති බවට තොරතුරක් ඇති බවද කියයි.

පසුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු මල්ලිකා සුගතදාස මහත්මියගේ උපදෙස් මත, මියගිය කාන්තාව සහ දරුවා ස්නානය කළ හා පානය කළ ජලයෙන් සාම්පල දෙකක් ලබාගත් අතර ඒවා පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

පසුව ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතනයේ නිලධාරීහු පැමිණ ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සදහන්

20200817Keshari-(5) 20200817Keshari-(4) 20200817Keshari-(3) 20200817Keshari-(2) 20200817Keshari-(1)