ඔව් නෑ බෑ මිස වැඩි කතා නැති ‘රූකඩ පැංචි’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201001Kushenya (1)

හෙළ සිනමාවේ මහා නිළිය ලෙස නම් ලද අසහාය රංගවේදිනි මාලනි ෆොන්සේකා යනු එම ෆොන්සේකා පරපුර නියෝජනය කරමින් මුලින්ම කරළියට පැමිණී ශිල්පිනිය වුවාය. ඇය අනුගමනය කරමින් ඇයගේ සහෝදරියන් වන රසාදරී ශ්‍රියාණි සහ දමයන්ති ඉන්ක්බිතිව රඟපැමට දායක වූ චරිත වෙති. ඔවුන් ෆොන්සේකා පරපුරේ පළමු වැනි පරම්පරාවය. 

ඉන් පසුව පළවැනි පරම්පරාවේ ඒ නැන්දලා අනුගමනය කරමින්, මනෝරි, රුවිනි, තරිඳි, සඳුනි සමනලී සෙනාලි, අශාන් දෙවැනි පරම්පරාව ලෙස ෆොන්සේකා පවුල නියෝජනය කරමින් සිටිති. දැන් අපි තෙවැනි පරම්පරාව දෙසට හැරෙමු.

කුශේන්යා සයුමි ෆොන්සේකා තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් අද අප හමුවට පැමිණ සිටින්නේ සම්මානනීය සිනමාකරුවන් දෙපළක් වන වින්දන සහ කල්පන ආරියවංශගේ නව සිනමා නිර්මාණය වන “රූකඩ පැංචි” නිර්මාණය සමගය.  “රූකඩ පැංචි”  වු මේ කුශේන්යා සයුම් කාගේ කවුද ? 

මහා රගවේදිනි මාලිනි ෆොන්සේකාගේ බාල සොහොයුරෙකු වන උමයාංගනා චිත්‍රපටය සහ කෙම්මුර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වන ආනන්ද ෆොන්සේකා කලාකරුවා මේ කුශේන්යාගේ සියාය. ආනන්ද ෆොන්සේකාගේ දෙවැනි පුතු වන ග්‍රැෆික් හා සංස්කරණ ක්ෂේත්‍රයේ ශිලිපියකු වන අසංග ෆොන්සේකාගේ දියණිය වන්නේ මේ කුශේන්යාය. කෙටියෙන්ම කිව්වොත් මාලිනි ෆොන්සේකාගේ බාල මල්ලිගේ පුතාගේ දියණිය මේ කුශේන්යා හෙවත් රූකඩ පැංචිය.

රුසියානු සුරංගනා කතාවක් වන හත්පෙති මල කතාව ඔබට මතකද? මලක පෙති කඩා කඩා ප්‍රාර්ථනයක් කරමින් ඒවා විසි කර දමන ශේන්යා මතකද? කුශේන්යාගේ අම්මයි තාත්තයි මේ ශේන්යාට හරියට කැමතිලු. ඉතින් කොච්චර කැමති ද කිව්වොත් ඒ දෙපළට උපන්න මේ ලස්සන දියණීයට නම දාලා තියෙන්නේ කුශේන්යා කියලයි. උපන් වේලාවට අනුව කු අක්ෂරය යොදා ගැනිමට තිබුණු නිසා තමයි ශේන්යා ට කු යොදා කුශේන්යා වෙලා තියෙන්​නේ. සයුමි කියන නම් නම් දාලා තියෙන්නේ නැසී ගිය කලාශූරී අරිසෙන් අහුබුදු ශූරීන්ය.

මේ කුශේන්යාගේ අම්මගෙ නම ඉමල්කා සමරවීරය.

මේ කුශේන්යා, එයාගේ අම්මා තාත්තා වගේම සීයා වන ආනන්ද ෆොන්සේකා ඇතුළු ඒ පවුල වෙසෙන්නේ කැලණියේය. පළමු වසරේ සිට 6 වසර දක්වා කැලණිය ශාන්ත පාවුළු බාලිකා කන්‍යාරාමයේ ඉගෙන ගත්ත. කුශේන්යා දැන් ඉගෙන ගත්තේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේයි. ඇය නමය වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

මෙයා කුඩා කාලයේ ඉඳලාම නැටුමට හරිම හපනියක්. එයා ආසත් නටන්න. ඒ නිසා අපි එයාව චන්න වි​ජේවර්ධනයන් ළඟට යොමු කළේ එක වස​රේ ඉඳලාමයි. දැන් නම් බබාට අවුරුදු 14 යි.

කුශේන්යාගේ මව සහ පියා ඇයට කතා කරන්නේ බබා කියාය.

මව කියන විදියට මේ කුශේන්යා හෙවත් කුශී යන ආදරණීය නමින් හඳුන්වන මේ පුංචි රංගන ශිල්පිනියට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ. ඇයගේ සීයා වන ආනන්ද ෆොන්සේකා දිනෙක කැමරාව ටෙස්ට් කරන්න ඕනෑ නිසා ගත්ත පිංතූර ටිකක් නිසයි.

එදා දුව පංති යන්න ලැහැස්ති වෙලා හිටියෙ. කැමරාව ටෙස්ට් කරන්න ඕනෑ වෙලා තාත්තා ඒ වෙලාවෙ දුවගේ ෆොටෝ ටිකක් ගත්තා. ඒවා බලද්දි හරියට සමනලී නංගි වගේමයි. සමනලී නංගි මේ පිංතූර එයාගේ ෆේස් බුක් පිටුවෙ පළ කරලා තිබුණා. කල්පන සහ වින්දන ඒවා දැකලා තමයි දුවට කතා කළේ.

කුශී හට රූකඩ පැංචි චරිතය ලැබීමට මුල් වු හේතුව ගැන අම්මා අපට කිව්වේ එහෙමය.

 

එතකොට මේ දුව ගෙදරදි කොහොම කොනෙක්ද? ඉල්ලීම් එහෙමත් ඉල්ලනවා. ඇති නේද?

විවිධ ජාතියේ කෑම වලට එයා හරි ආසයි. මොනවා කරන්නත් කලින් කෑම කාලා තමයි ඒ වැඩේ පටන් ගත්තේ. හැබැයි මෙයා වැඩිය කතා කරන කෙනෙක් නම් නෙමෙයි. ඕනෑම ප්‍රශ්නයකට ඔව්. නැ බෑ විතරයි කියන්නේ. ඒ වුණාට මෙයාට යාළුවෝ නම් බොහෝමයි. මෙයාගේ යාළුවන්ගේ යාළුවොත් මෙයාගේ යාළුවෝ.

 

කුශී ගේ අම්මා කියු ඒ දේ ගැන අහගෙන හිටපු අපි ඊළඟට හරුණේ කුශී දෙසටයි.

 

කුශීට දැන් යාළුවෝ කතා කරන්නේ කොහොමද?

රූකඩ පැංචි කියලයි.

 

මෙහි චරිතයේ නම ?

රංගි

 

මුලින්ම රඟපෑවෙ?

මලිත් හෑගොඩ අංකල්ගේ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ.

 

රූකඩ පැංචි චිත්‍රපටයේ රංගි සහ ඔයාගේ සැබෑ ජීවිතයේ සමාන කම් එහෙම තියනවද?

රංගි පපට්ලාට (රූකඩ වලට)  හරි ආසයි. මම එහෙම නැහැ. මටත් සෙල්ලම් බඩු ගොඩක් තිබුණා. ඒත් මම ආස කළේ මගේ ළඟ තිබුණු බෝනික්කාට. එයාගේ නම ඇනබල්.

 

රූකඩ පැංචි රඟපාන්න ගිහිල්ලා එක එක සිදුවීම් වලටත් මුහුණ දෙන්න ඇති නේද?

සිදුවිම් නම් ගොඩක් වුණා. ෂූටිං නැති වෙලාවෙලදී මගේ මල්ලිට රඟපෑව මල්ලිව මම කොනිත්තනවා. ගහනවා එතකොට එයා ටික වෙලාවක් තරහා වෙලා ඉඳලා ආයෙත් යාළු වුණා.

 

එතකොට කුශීගෙ කැමතිම රංග ශිල්පිනිය කවුද?

ශානි නැන්දා. (සමනලී ෆොන්සේකා)

 

කැමතිම විෂයයන් මොනවද?

ඉංග්‍රීසි සහ භූගෝල විද්‍යාව

 

කවදා හරි මොන වගේ දෙයක් කරන්න ද හිතාගෙන ඉන්නේ?

වෘත්තිය නර්තන ශිල්පිනියක් වෙන්න.

 

මේ රූකඩ පැංචි චිත්‍රපටයේ දෙබස් වලින් මතකම දෙබස මොකක්ද?

ඔයා ද අංකල් ලුවී.

 

කුශී විවේකය ගෙවන්නෙ කොහොමද?

නිදහසේ සතුටින් ගත කරන්න තමයි කැමති. හිමිහිට සිංදුවක් කියන්න නටන්න කැමැතියි.

 

මේ දින වල ආසම කරන සිංදුව ?

ඩැඩීලගෙ චන්ද්‍රයන් පිදු.

 

දැන් කුශීගෙ වයස කීයද?

අවුරුදු 14 යි.

 

ෆොන්සේකා පරපුරෙන් මේ චිත්‍රපටයේ රඟපෑම නිසා කුශී ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඔක්කෝමලා ඉතාම හොඳයි කිව්වා.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20201001Kushenya (2)