නදීශාගේ අලුත්ම ගීතය 'ඔබ ආ දා සිට'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියක් ලෙස ඔබේ ආදරය දිනාගත් නදිශා දයාරත්න මේ දිනවල වඩත් කතා බහට ලක්ව ඇත්තේ ගායිකාවක් විදිහටය. ඒ ඇයගේ දෙවැනි ගීතය ‘ඔබ ආ දා සිට..’ මේ වනවිට එළිදක්වා තිබිමය. ඒ පිළිබඳව හා නදිශාගේ අලුත්ම කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අපි ඇයගෙන් මෙසේ විමසුවෙමු.

‘ඔබ ආ දා සිට..’ මේ මා විසින් මගේම කියලා තනිවම ගායන කළ දෙවැනි ගීතය. ගීතය ලිව්වේ ගයානි අකින්තලා පියඳිගම. සංගීතය නිර්මාණය කළේ ජගත් රත්නායක(JR). මේක ආදරය විරහාව සම්බන්ධව ලියැවුණ ගීතයක්. මේ ගීතයේ ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කළා. ඒක නිර්මාණය කළේ රොෂාන් වඩුගේ. දැනට මේ ගීතයට හොඳ ශ්‍රාවක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේකට රූප රචනාවක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත්, මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක එහෙම දේකට යොමු වෙන්න අමාරුයි. මේ තත්ත්වය පහව ගියාම ඒ දේට යොමු වෙන්න බලනවා. 

20201103Nadeesha-2 20201103Nadeesha-1