රුවන් පෙරේරා අයියා නිසයි මම නළුවෙක් වුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201105Akash (3)

රංගන ක්ෂේත්‍රයට නවකයෙකු සමග ‘සාරවිට’ අපි කතා බහා කළේමු. ඔහු නමින් ආකාෂ් බුද්ධි. මේ දිනවල හිරු රූපවාහිනියේ දිග හැරෙන ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යය අකිල ලෙස දකින්නට ලැබෙන ඔහු දැනට ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දි ඇත. මේ දිග හැරෙන්නේ ඔහු සමග කළ කතා බහය.

රංගනයට පිවිසිම සිදුවන්නේ කොහොමද?

රංගනයට එකතු වෙන්නේ 2015 වසරේදීය. මගේ නෑදෑවෙන අයියා කෙනෙක් ඉන්නවා. ඔහු කවුරුත් දන්න රුවන් පෙරේරා. පොඩි කාලේ ඉඳලා ඔහු ටෙලි නාට්‍යය රූපගත කිරිම්වලට යන මාත් යනවා ඔහුගේ පස්සේ රූපගත කිරිම් බලන්න. එතකොට තමයි මටත් ආසාවක් ඇති වුණේ රංගන ශිල්පියෙක් වෙන්න. ඔහුගේ රූපගත කිරිම් බලන කොට මම පොඩියි. මට තෙරේන කාළේ ආවාම රුවන් අයියා මාව ටෙලි නාට්‍යයකට සම්බන්ධ කළා. මා රංගනයෙන් දායක වුණ පළමු ටෙලි නාට්‍යය තමයි උරුමක්කාරයෝ. ඊට පස්සේ දිගින් දිගටම අලුත් වැඩවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. අද වෙනකොට රංගන ක්ෂේත්‍රය තුළ තරමක් දුර ගමනක් ඇවිත් කියලා මට හිතෙනවා. සම්මානනීය රංගන ශිල්පී රුවන් අයියා තමයි මගේ ගුරුතුමා.

තෙරේන කාළේ ඉඳලා ඔබ රංගනයට ඉමහත් කැමැත්තක් දැක්වූ කෙනෙක්?

ඇත්තටම කිව්වොත් ඔව්. පොඩි කාළේ ඉඳලා මම ගොඩක් චිත්‍රපට බලනවා. හින්දි, සිංහල, ඉංග්‍රිසි මේ හැම චිත්‍රපටයක්ම මම බැලුවා. ඒවා දැකලා මටත් ආසාවක් ඇති වුණා කවදා හරි නළුවෙක් වෙන්න. ගෙදර ඉඳිද්දි තනියම කණ්නාඩිය ඉස්සරහාට ගිහිල්ල එක එක චරිත හිතෙන් මවාගෙන මම රඟපානවා.

උරුමක්කාරයේ ටෙලි නාට්‍ය යෙන් පස්සේ මේ දක්වා සම්බන්ධ වෙලා තියෙන කලා කටයුතු මොනවද?

උරුමක්කායෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ සූරියවච්චසා හා උමතු කියන ඒකාංගික කතා මාලාවට සම්බන්ධ වුණා. පසුගිය කාලයේ තරුණ පිරිස අතර ගොඩක්ම ජනප්‍රිය වුණ හුස්මක් තරමට වගේම මේ දිනවල විකාශය වෙන අහස් මාලිගා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉදිරියට එන්න තියෙන ‘එන්කවුන්ටර්’ ටෙලි නාට්‍යයේ රූපගත කිරිම් කටයුතුවලට මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා මම.

නවකයෙක් විදිහට කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

නවකයෙක් විදියට මම කලා ක්ෂේත්‍රය තුළ ආපු ගමන ගැන සතුටු වෙනවා. කලාව කියන්නේ බොහෝම පුළුල් තැනක්. එතැනදි මම රංගන ශිල්පියෙක් හැටියට මගේ ක්ෂේත්‍රය පිළිබඳව පැවසුවොත් මට කියන්න තියෙන්නේ මේ ක්ෂේත්‍රය මිනිස්සුන්ගේ ආදරය නිතරඟයෙන් දිනාගන්නා ගොඩක් වටින ක්ෂේත්‍රයක් කියලා. ඒ වගේම අපේ පරම්පරාව තුළත් බොහෝ දක්ෂයන්ගේ පැමිණීම සමග කලා ක්ෂේත්‍රය තුළ පිබිදීමක් මම දකිනවා. ඒ නිසා අදටත් වඩා හෙට දවස කලා ක්ෂේත්‍රය ගැන සතුටු වෙන්න පුළුවන්ද වෙයි කියලා හිතනවා.

කලා ක්ෂේත්‍රය තුළ රැඳෙන්න වාසනාවද? එහෙමත් නැත්නම් දක්ෂතාවයද වැදගත්?

මම හිතන විදිහට ඔය දෙකම අතවශ්‍යයි. මොකද, වාසනාව කියන්නේ අපි සමග තියෙන දෙයක්. ඒත් දක්ෂතාව කියන්නේ අප තුළ තියෙන දෙයක්. මේ දෙකම සතු වුණත් අපි ඒවා කොතරම් දුරට ජීවිතයට ළං කරගන්නවද කියන එක අනුව තමා ක්ෂේත්‍රයේ අපේ පැවැත්ම රැඳිලා තියෙන්නේ.

රංගන ශිල්පියෙක් නොවුණා නම් ඔබ කුමන වෘත්තියක් තෝර ගනියිද?

මම නළුවෙක් වෙන්න කළින් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කළා. බොහෝ විට නළුවෙකු නොවුණා නම් ඒ ක්ෂේත්‍රය හරහා යන්නත් ඉඩ තිබුණා. එහෙම නැති වුණොත් සමහරවිට මම එයාර් ලංකා ආයතනයේ රැකියාවක නිරත වෙලා එවැනි වෘත්තියක් තෝරා ගන්නත් ඉඩ තිබුණා.

කලාව ගැන හදාරලා තියෙනවාද?

ඔව් තියනවා. මම impas කලා ආයතනයේ රංගනය පිළිබඳව පාඨමාලාවක් හදාරලා තියෙනවා. හැබැයි ඒ හැම දේටම කළින් මගේ ගුරුතුමා රුවන් අයියා. එයා මට හැමදේම ගැන අකුරෙන් අකුර පියවරෙන් පියවරට කියලා දුන්නා. තාත්තා කෙනෙක් වගේ මගේ පිටිපස්සෙන් ඉඳලා ඉඳලා හැම දෙයක් ගැනම කියලා දීලා කලාව ගැන හොඳ අවබෝධයකුත් මට ලබා දුන්නා.

උදව් කරපු අය?

මගේ ගුරුතුමා රුවන් අයියා තමයි මුලින්ම මතක් කළ යුත්තේ. ඊට පස්සේ රුවන් විජේරත්න හා තරංග දිසානායක අයියලා. සුරේෂ් අයියා, ප්‍රභාත් රෝෂන් අයියා, ධනුෂ්ක අයියා, ධනංජය අයියා මගේ හොඳම යාළුවා යුශාන් මලිත්, දුෂි කුමාරි අක්කා මේ හැමෝටම මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතියි කරන්න. 

0717088255

20201105Akash (4) 20201105Akash (1) 20201105Akash (2)