සජීවගේ අළුත්ම ගීතය ‘කෝල බැලුම්’
සමාජ මාධ්‍ය විශ්ලේෂකයෙකු සහ ජනප්‍රිය ගායකයෙකු වන සජීව දිසානායක ඔහුගේ අළුත්ම ගීතය වන ‘කෝල බැලුම්’ ගීතය මේ වසර ආරම්භයත් සමගම අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ‘කෝල බැලුම්’ ගීතයේ පද රචනය භාෂි දේවාංග, උෂානි විජේවන්ත සහ සසිඳු තීක්ෂණ අතින් සිදු වී තිබෙනවා. ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය භාෂි දේවාංග විසින් සිදු කර තිබෙනවා. සජීව දිසානායක ගායනා කරන ‘ඉක්මන් වෙලා’, ‘ආයාචනා’, ‘දවසක් ඒවිද’ වැනි ගීත පසුගිය වසරවල තරුණ තරුණියන් ආදරයෙන් වැළඳගත් අතිශය ජනප්‍රිය ගීත වූවා.
කෝල බැලුම් ගීතය පහතින් නරඹන්න