සොඳුරු පරිසරයක නිහඬව ඇද හැලෙන 'ඕලුඇල්ල'



2016-11-02-ent-37

අවිවේකී ජීවිතවලට ඉඳහිට හෝ ලැබෙන පුංචි නිවාඩුවට විවේකය සොයා බොහෝ දෙනා ගමන් කිරීමට තෝරාගන්නේ අප නිතර දෙවේලේ මාධ්‍යයකින් හෝ සමාජ ජාල වෙබ් අඩවියකින් හෝ අසා තිබෙන සහ ප්‍රසිද්ධියක් උසුලන සංචාරක ස්ථානයක් වෙතය. එහෙත් එම ස්ථාන වසරේ සෑම කාලයකම සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන හෙයින් එවන් ස්ථානයකින් අප සොයා යන නිදහස භුක්ති විඳීමට හැකියාව නොලැබෙන බව අපගේ අදහසය. එහෙත් සෑම දෙනෙකුම එසේ සංචාරය කරන ඉසව්වලින් ඔබ්බට ගොස් යම් ස්ථානයක් සොයා යන්නේ නම්, එම ගමනාන්තය කෙතරම් සුන්දර වේද? එසේ වෙනස්ම සංචාරක ස්ථාන සොයා යනවිට ලංකාව කෙතරම් සුන්දරද යන්නත්, නම් කියවෙන ප්‍රසිද්ධ ඉසව්වලට වඩා තවත් කොරතම් මනස්කාන්ත දර්ශනවලින් යුත් ස්ථාන තිබේද යන්නත් සංචාරක ඔබට වැටහෙනු ඇත. මෙවර සංචාරය තුළින් අප පාඨක ඔබට ගෙන එන්නේ එවන් ස්ථානයක් පිළිබඳවය. එය සුන්දර පරිසරයකට හිමිකම් කියන 'ඕලු ඇල්ල' යි.

ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන දියඇලි අතුරින් පස්වැනි ස්ථානය හිමි වන්නේ ඕලු ඇල්ලටය. එමෙන්ම මෙය කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි උසින් වැඩිම දියඇල්ල ලෙසද හඳුන්වාදිය හැකිය. සංචාරක ඔබට පහසුවෙන්ම ළඟාවිය හැකි ස්ථානයක පිහිටි මෙම ඇල්ල වෙත ළඟාවීමට කඳු තරණය කොට, ගලින් ගලට පැන දුෂ්කර ගමනක යෙදීමට අවශ්‍ය වන්නේ නැත. දියලුම ඇල්ල නැරඹීමට ගොස් තිබෙනම් එම ඇල්ල නරඹන ආකාරයටම මාර්ගයේ සිටම මෙම ඇල්ලද නැරඹිය හැකිය.

මෙම ඉසව්ව වෙත ගමන් කිරීමට මාර්ග කිහිපයක් පවතී. අප එහි යාම සඳහා තෝරාගත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ පිහිටි යටියන්තොට නගරයේ සිට බෙරන්නාව, සීපෝත් හරහා වැටී තිබෙන නාවලපිටිය මාර්ගයය. යටියන්තොට සිට එම මාර්ගයේ කිලෝමීටර් 16ක් පැමිණිය පසු හමුවන අමනාවල ගම්මානයේ මෙම සොඳුරු ඉසව්ව පිහිටා තිබේ. මෙම ස්ථානය කරා යටියන්තොට නගරයේ සිට බසයෙන් වුවද පැමිණිය හැකිය.

යටියන්තොට නගරයේ සිට ඇල්ල පිහිටි ප්‍ර‘දේශය ගත්කළ අධික ජලධාරාවක් ගලාබසින ප්‍ර‘දේශයක් බව ඔබට දැකගත හැක. යටියන්තොට නගරයට නම පටබැඳී  තිබෙන්නේද අතීතයේ මෙන්න වර්තමානයෙත් යටියන්තොට නගරයට ඔබ්බෙන් ගලාබසින කැලණි ගඟට එම ප්‍ර‘දේශය ගංවතුරින් යටවන නිසාය. වර්තමානයේ  එම නගරයේ සිදුකර තිබෙන සංවර්ධන කටයුතු නිසා සහ වැලිගොඩ දැමීම හේතුවෙන් එතරම් ඉක්මනට යට නොවුණත්, අතීතයේ කුඩා වර්ෂාවකින් වුවද ප්‍ර‘දේශය ජලයෙන් යටවන නිසා එම ප්‍ර‘දේශයේ පැරණි නිවාස තනා තිබෙන්නේ අඩි 30, 40ක් පමණ උසින් යුත් බෑවුම්වලය.

කැලණි නදී නිම්නයේ පිහිටි යටියන්තොට සහ ඒ අවට ගම්මාන ඉංග්‍රීසි  අධිරාජවාදී යුගයේ රබර් වගාවට ප්‍රසිද්ධියක් ඉසිලූ ප්‍ර‘දේශලෙස හඳුන්වාදිය හැක්කේ අදටත් එම ප්‍ර‘දේශයන්හි පෞද්ගලික රබර් වතු යායක් පවතින හෙයිනි. එම වතුයායන් පිළිබඳව සඳහන් කොට තිබෙන පුවරු  කියවීමේදී එම වතුයායන්හි ආරම්භය පිළිබඳව හෝඩුවාවක්ද සොයා ගැනීමට හැකිය.

යටියන්තොට නගරය ශීත ප්‍ර‘දේශයක් නොවුණත් ඇල්ල දක්වා ගමන් කිරීමේදී එම පටු මාර්ගයට සමාන්තරව පහළින් ගලා බසින %වී ඔය^ නිසා, රබර් ගස්වලින් වට වී තිබෙන මාර්ගය ගමන් කරන විට උෂ්ණ දේශගුණය පහව ගොස් ශීත දේශගුණයකින් ගත වෙලා ගනියි. එය නුවරඑළිය, හපුතලේදී  මෙන් විඳිය හැකි සීතලක් නොවුණත් කොන්ක්‍රීට් වනාන්තරවල දිවි ගෙවන අපගේ ගතට මෙන්ම සිතටද මිහිරක් ඇති කරන සීතලකි. එම ශීත දේශගුණය සහ මාර්ගය දෙපස වූ පැරණි කර්මාන්ත ශාලාවන්හි නටඹුන් සහ කඳුකරයේ සිට මාර්ගයට ආසන්නයේ පිහිටි ගල්තලා හරහා ගලා එන දිය දහරාවන්වල පහස විඳගනිමින් කෙමෙන් කෙමෙන් අපගේ ගමනාන්තය දක්වා අපි ළඟා වූවෙමු.

යටියන්තොට නරගයේ සිට අවට සිරිනරඹමින් අමනාවල දක්වා පැමිණි ගමනට විනාඩි 45ක් පමණ අපට ගතවුණි. පෙනපිඬු නංවමින්  ගලා හැලෙන ඕලු ඇල්ල දෙසට දෑස්  යොමුවෙන්නට මත්තෙන් දෑස් යොමුවන්නේ මාර්ගයේ තිබෙන ලෑලි පාලම වෙතය. ලෝහමය රාමුවක් මත අතුරන ලද ලී සිල්පර සමූහයකින් නිර්මාණය වූ මෙම පාලම ලංකාවේ ඇති අදටත් භාවිත කෙරෙන පැරණිතම ලෑලි පාලම වශයෙන් සැලකෙයි. දිගින් අඩි 20ක් පමණ වූ මෙම පාලම ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද්දක් බව ගම්වාසීහු පවසති. පාලස අසල පර්වතයක %1943^ යනුවෙන් කොටා තිබුණත්, එය පාලම ඉදිකළ වර්ෂයද, අලුත්වැඩියාවක් සිදුකළ වර්ෂයද යන්න දන්නා කවුරුත් එහි නැත.

උසින් අඩි 420ක් හා පළලින් අඩි 60ක් පමණ වන ඕලු ඇල්ල කැලණි ගඟ හා සම්බන්ධ උසම දියඇල්ල ලෙසින්ද සැලකෙයි. මලු 04ක් වශයෙන් ගල් පර්වත අතරින් කඩා හැලෙන මෙම දියඇල්ලේ ජල දහරාව විවිධ ස්වරූපවලින් යුක්ත වේ. එය විටෙක පෙනනගින අතර, විටෙක වාෂ්පයක් මෙන් විහිදෙයි. තවත් විටෙක හීන් දියකෙළි බවට පත්වෙයි. දියඇල්ල සෑම කෝණයකටම සම්පූර්ණව දිස්වන්නේද නැත. අප ගල් පර්වත අතරින් පනිමින් විවිධ කෝණවලින් ඇල්ලේ සුන්දර්වය විඳගතිමු.

ඇල්ල මුදුනට යන විට සිරුර ජල වාෂ්පවලින් නැහැවීයයි. එමෙන්ම කඩා හැලෙන දිය දහරාවෙන් සෑදෙන පුංචි දිය කඩිති අපේ රටට ආවේණික වූ ගල්තඩියා, බුලත්හපයා වැනි මත්‍යසයන්ට නිවහන් සපයයි. ජල දහරාවේ නාදයත්, කුරුල්ලන්ගේ මියුරු හඬත්, වාහනයක් ගමන් කිරීමේදී පාලමේ ලී කොටන්වලින් නැගෙන ශබ්දයත් හැරෙන්නට වෙනත් කිසිදු ශබ්දයක් අපගේ කනවැකුණේ නැත. එතරම්ම මෙම පරිසරය නිශ්ශබ්දය. දියඇල්ල අවට තිබෙන පාලුව නිසාම එම  පෙදෙස නිදහසේ සිටීමට කදිම ඉසව්වක් ලෙස හඳුන්වාදිය හැකිය.

මෙම ස්ථානයේ ගල් තලාවන් ලිස්සන සුළු බැවින් දියඇල්ල තරණය කරන්නේ නම් වඩාත් සැලකිය යුතුය. එමෙන්ම දිය නෑමට තරම් උචිත ස්ථානද මෙහි නිර්මාණය වී නොමැත. ඒ හෙයින් එම අවශ්‍යතාවය ඇල්ලේ සුන්දරත්වය නරඹා ආපසු පැමිණෙන විට හමුවන වී ඔයෙන් සංසිඳවා ගන්නේනම් වඩාත් අගනේය.

ඇල්ල අවට සහ මුළු ගමන් මාර්ගයේම එකඳු පොලිතින් කැබැල්ලක් සොයා ගැනීමට නොහැකි පරිදි එහි වෙසෙන ගම්වාසීන් සහ වතු සමාගම් පරිසරය ඉතාමත් ආරක්ෂාකාරීව සහ අලංකාරීලෙස පවත්වාගෙ යයි. ඒ හෙයින් මෙම ඉසව්වේ සංචාරය කරන්නේ නම් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ පරිසරය සුරැකීම පිළිබඳවය. අන්අයට කරදරයක්, හිංසාවක් නොවන ලෙස මධුවිත තොලගෑමටත් ගමන් ගන්නා  මාර්ගයේ ස්ථාන රැසක් පිහිටා තිබේ. වී ඔය ආසන්නයේ  විනෝදවන්නේ නම් ඒ අවට ගම්වාසීන්ගෙන් ඔයේ දිය නෑමට සුදුසු දැයි අසා දැනගැනීම වඩාත් යෝග්‍යය. මන්ද, සුන්දර ලෙසින් ගලා බසින වී ඔය විටෙක ප්‍රචණ්ඩවන හෙයිනි. ජනාකීර්ණ ප්‍ර‘දේශයක් නොවන බැවින් එහි සංචාරය කරන්නේ නම්, අවශ්‍ය කලමනා රැගෙන යාමටද වගබලා ගත යුතුය.

යටියන්තොට සිට අමනාවල දෙසට ගමන් කිරීමේදී මාර්ගය දෙපසින් සහ අතරගමගදී හමුවන අතරු මාර්ගයන්හි තවත් සොඳුරු ඉසව් රැසක් පිහිටා තිබේ. ඒවා අතරට නුවරඑළියට සමාන භූගෝලීය ලක්ෂණ පෙන්නුම් කරන වෑවියතලාව වතුයාය, වවුලගල කන්ද සහ තවත් කුඩා දියඇලි කිහිපයක් මෙයට අයත් වේ. මෙවර සංචාරයේදී එම ඉසව්වලට ගමන් කිරීමට නොහැකි වූයේ වර්ෂාව ඊට හරස් වූ හෙයිනි. ඉදිරි සතියකදී එම සොඳුරු ඉසව් පිළිබඳ සංචාරක සටහනක්ද පාඨක ඔබට තිළිණ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

සටහන හා ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

2016-11-02-ent-38
2016-11-02-ent-53
2016-11-02-ent-52
2016-11-02-ent-51
2016-11-02-ent-50
2016-11-02-ent-49
2016-11-02-ent-48
2016-11-02-ent-47
2016-11-02-ent-46
2016-11-02-ent-45
2016-11-02-ent-44
2016-11-02-ent-43
2016-11-02-ent-42
2016-11-02-ent-41
2016-11-02-ent-40
2016-11-02-ent-39