ශ්‍රී ලාංකීය සෞභාග්‍යයේ මහා ධානය මොරගහකන්ද



2017-08-02-ent-80

මහවැලි මහ සංවර්ධන සැලැස්මට අයත් බොහෝ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක පැවතියද, මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය දශක හතරකට ආසන්න කාලයක් විවිධ හේතුන් මත ප්‍රමාද විය. ඒ ප්‍රමාදය තුළින් අනුරාධපුර/පොළොන්නරුව/ ත්‍රිකුණාමලය සහ කුරුණෑගල ප්‍ර‘දේශ ඇතුළුව වියළි කලාපීය ගොවි ජනතාවගේ කඳුළු කතාවටද විසඳුම් ලබාදීම ප්‍රමාද විය. වාරි ජලය, පානීය ජලය ඔවුන්ගේ ප්‍රමාද විය. වාරි ජලය, පානීය ජලය ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය විය. එම තත්ත්වය මත කෘෂිකාර්මික කටයුතු බෙහෙවින් අඩාල විය. වකුගඩු ආදි රෝග උත්සන්න විය. එම තත්ත්වය උඩ ඔවුන්ගේ ආර්ථිකයද කඩා වැටුණි.

එම ගැටලු සඳහා විසඳුම් සෙවීම සඳහා සමකාලීන දේශපාලනයේ නියුතු සේවා අමාත්‍යවරයා ලෙස සේවය කළ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි පරිශ්‍රමයක් ගත්තේය. එම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මොරගහකන්ද කළු ඟග සංවර්ධන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්විය. මේ වනවිට මොරගහකන්ද නිම්නය. නිල් දියවරින් පිරි ජල තටාකයක් පත් වී හමාරය.

ශ්‍රී ලංකා වාසීන්ට මේ වනවිට පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක විශාලත්වයෙන් යුතු මෙම වාරි ව්‍යාපෘතිය නැරඹීමට හා වාරි තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීම සඳහා එහි යා හැකිය. නමුත් සිතූ පමණින් ඔබට එහි යාමට නොහැකි නිසා අපි ඒ වෙත ගමන් කළෙමු. අප එම ඉසව්ව සොයා ගියේ හුදෙක් සංචාරය ලිපියක් සකස් කිරීමට වුවත්, අප අතීතයේ අසා තිබූ රජවරුන්ගේ දස්කම් වර්තමානයේ දී ඒ තුළින් දැකගත හැකි වූ නිසා අප එය සංචාරක ලිපියට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගොස් ඔබට දැනුම ලබාදීමට තීරණය කළෙමු. ඒ අනුව පසුගිය සතියේ ඇරඹි සංචාරක සටහන් ඉතිරිය මෙලෙස දිග හරින්නෙමු.

 

මොරගහකන්ද - කළු ගඟ සම්බන්ධ කිරීම

මොරගහකන්ද - කළු ගඟ ජලාශයෙන් ඒකාබද්ධව ක්‍රියාත්මක වන හෙයින් එහි ඒකාබද්ධ ජලධාරිතාවය අක්කර අඩි 660,000ක් වශයෙන් සැලකෙයි. එය පරාක්‍රම සමුද්‍ර‘යේ ජලධාරිතාවය මෙන් 6 ගුණයකි. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ ඉහළ ඇළහැර ව්‍යාපෘති ඇළමහකනදරාව දක්වා දිග කිලෝමීටර් 94ක ඇළ මාර්ගයක් ඉදිකරනු ලැබූ අතර, එයින් කිලෝමීටර් 26ක් සහිතව සැලසුම් කර ඇත. මීට සමගාමීව ඉදිකරනු ලබන වයඹ සංවර්ධන ඇළ කිලෝමීටර් 93ක්ද වන අතර, කළු ගඟ සිට මොරගහකන්ද දක්වා ඇළ මාර්ගය කිලෝමිටර් 09ක් වේ. එයින් කිලෝමීටර් 7.85ක් උමන් සහිතව ඉදිකිරීමට පියවර ගෙන ඇත.

 

පෝෂණය වන වැව් සහ දියවර සැපයෙන දිස්ත්‍රික්ක

මොරගහකන්ද කළුගඟ ජලාශය මෙරට සුවිශාලතම වාරි සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් සැලකෙන්නේ දියවර ලබන ප්‍ර‘දේශ හා වැව් සංඛ්‍යාව අනුවය. ඒ අනුව මොරගහකන්ද - කළු ගඟ ජලාශයට සම්බන්ධ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 1200ක්ද, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 303ක්ද, ලග්ගල සංවර්ධන ප්‍ර‘දේශ යටතේ වැව් 13ක්ද පෝෂණය වේ. ඊට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව/ මාතලේ/ ත්‍රිකුණාමල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්ට මෙම ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රතිලාභ ලැබේ. මෙම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වසර පුරා ජලය සැපයීම මෙන්ම වකුගඩු රෝගයට ගොදුරු වූ ප්‍ර‘දේශ වශයෙන් ද සැලකෙන මෙම කලාපයට පිරිසිදු ජලය ලබාදීමටද හැකිවීම වැදගත් ප්‍රතිලාභ වශයෙන් හඳුන්වාදීමට හැකිය.

 

2017-08-02-ent-77

 

මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියේ සංවර්ධන ප්‍රතිලාභ

සෘජු ප්‍රතිලාභ

  • කුෂිකාර්මික සංවර්ධනය

හෙක්ටයාර 82,00ක් සඳහා යල-මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකිවීම, විවිධ ප්‍රදේශයන් හි 100෴ සිට 154෴ දක්වා වන වගා තීව්‍රතාවයේ සාමාන්‍ය අගය 181 % දක්වා ඉහළ නැංවේ. මෙහා සෘජු ප්‍රතිලාභයක් ලෙස හෙක්ටයාරකට ලැබෙන වී අස්වැන්න ඉහළ යන අතර, අතිරේක කෘෂිකාර්මික නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයනු ඇත. මුළු කෘෂිකාර්මික වාර්ෂික ප්‍රතිලාභය රු.මි. 4000ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

 

  • මිරිදිය මත්ස්‍ය සංවර්ධනය

ජලාශයෙන් වාර්ෂිකව මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන හැකියාව ටොන් 3000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන අතර, එහි වටිනාකම රු.මි. 225ක් පමණ වේ.

 

  • විදුලි බල උත්පාදනය

මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රු.මි. 336ක් පමණ වේ.

 

  • සංචාරක ව්‍යාපාරය

වස්ගමුව වනෝද්‍යානය, ගිරිතලේ-මින්නේරිය වනෝද්‍යානය, නකල්ස් කඳුවැටිය ආශ්‍රිත රිවස්ටන්, පිටවල පතන හා සේර ඇල්ල, දඹුල්ල පන්සල, දඹුල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණය, කන්ඩලම වැනි සංචාරක හෝටල් අතර මැද මොරගහකන්ද- කළු ගඟ ජලාශ පිහිටීමත් සමග සංචාරක ප්‍රවර්ධනයද ඉතාමත් ඉහළ මට්ටමකට ළඟාවිය හැක.

 

වක්‍ර ප්‍රතිලාභ

නවීන මාර්ග ඉදිවීම, විදුලිය සැපයීම, අධ්‍යාපන පහසුකම් සැලසීම, සැලසුම්සහගත නගර නිර්මාණය, පොදු ජල පහසුකම් සැපයීම තුළ ප්‍ර‘දේශයේ තිරසාර සංවර්ධනය අපේක්ෂා කරයි.

ජලාශ ඉදිවීම හා පරිසර පද්ධතිය කළමනාකරණය වීම තුළ පාරිසරික සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක වීම හා රැකියා අවස්ථා නිර්මාණය වීම සිදු වේ.

 

වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘති

  • සංවර්ධනය වන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 12500
  • කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 06
  • මාතලේ ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 02
  • වියදම ඩොලර් මිලියන 200යි. (රපියල් මිලියන 30,000)
  • ආයෝජන ආසියානු සංවර්ධන බැංකුව (ADB)
  • ප්‍රධාන ඇළ - කි.මි.93
  • පොල්පිතිගම වැනි දුෂ්කර ප්‍ර‘දේශවල යලමහ දෙකන්නයට ජලය සැපයීම.
  • ගොවි පවුල් 13,500කට ස්ථිරවම යලමහ දෙකන්නයට ජලය සැපයීම
  • ප්‍ර‘දේශයේ ගොවි පවුල් 40,000කට (ලක්ෂ දෙකක ජනතාවට ) පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීම
  •  
  •  
  • මැදිරිගිරිය නගරය සංවර්ධනය කිරීම
  • මැදිරිගිරිය සංවර්ධන ප්‍ර‘දේශයේ අලුතින් පදිංචි කරන ගොවි පවුල් සංඛ්‍යාව -3240
  • පවුල් 3240කට ගෙවතු ඉඩම්
  • පළමු අදියර යටතේ හෙක්ටයාර් 2000කට දියවර පහසුකම්
  • වැව් 32ක් පිළිසකර වේ.
  • සම්පූර්ණ සංවර්ධන ප්‍ර‘දේශයේ ප්‍රධාන ඇළ කි.මි. 16.5
  • සෙසු ඇළ මාර්ග කි.මි. 59
  • නාගරික සේවා පහසුකම් වැඩි දියුණු කිරීම
  • මැදිරිගිරිය බිසෝපුර කන්තලේ පේරමඩුව මහාමාර්ගය කි.මි. 23
  • අක්කර 100ක කර්මාන්තපුරයක්
  • ආදි වශයෙන් වූ මැදිරිගිරිය නව සංවර්ධන කලාපයක් ලෙස වැඩි දියුණු කිරීම.
  • මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ සුවිශේෂි ප්‍රතිලාභ
  • මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල ඇ.ඩෙ.මි.557.42
  • ඉහළ ඇළහැර ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල ඇ.ඩෙ.මි.450
  • වයඹ හෙක්. 12,000 සංවර්ධනය සඳහා ඇ.ඩො.මි. 200
  • මාතලේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා වාරි අපහසුතා ඇති හෙක්ටයාර 82,000කට තිරසාරව දියවර සැපයීම
  • දැවෙන ප්‍රශ්නයක් වන වකුගඩු රෝගයට පිළියමක් ලෙස පානීය ජලය සහ කර්මාන්ත සඳහා ජලය සැපයීම.
  • පවුල් 130,000කට පමණ තිරසාර ආර්ථිකයක් නිර්මාණය කිරීම
  • මෙ.වො. 25ක විදුලිබල නිෂ්පාදනය.
  • වාර්ෂිකව ඉ මෙ.ටො. 3000කට ඉක්මවූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික ආර්ථිකය සඳහා එක් කිරීම.
  • පරිසර සංරක්ෂන සමග කර්මාන්තයට යෝග්‍ය පසුබිමක් නිර්මාණය කිරීම
  • සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය, පානීය ජලය, සන්නිවේදන, මහාමාර්ග, වාරිමාර්ග සංවර්ධනය
  • රාජ්‍ය‘සේවා සහ පෞද්ගලික සේවා ප්‍ර‘දේශයට සංකේන්ද්‍රනය කිරීම
  • ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන සඳහා වඩා හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම
  • ප්‍ර‘දේශයේ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම.

 

මෙම ප්‍ර‘දේශයට වර්ෂාපතනයෙන් ලැබෙන ඝන මීටර මිලියන 818ක ධාරිතාවය මුදුදට ගලා යමා වළකා මෙම ජලාශයේ රඳවා ගැනීම මගින් මනම්පිටිය , සෝමාවතිය ප්‍ර‘දේශයට වාර්ෂිකව ඇතිවන ගංවතුර හානි අවම කරලීම.

 

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික පසුබිම මෙම ඓතිහාසික ස්ථාන මොරගහකන්ද - කළුඟග ව්‍යාපෘතියේ දායකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මැදිහත් වීමෙන් කැණීම් සිදුකර සංරක්ෂණය කර ඇති අතර, මෙම ස්ථානයන් හි ආරම්භක ඉතිහාසය වසභ රජ සමයට (ක්‍රි.ව. 67-111) අයත්බව සැලකෙන අතරෟ, ඉන් පසු 1 වන පරාක්‍රමබාහු රජ විසින් මෙහි ප්‍රතිසංස්කරණයන් කළ බව කියැවේ.

පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ව්‍යපෘතිය රුපියල් මිලියන 4.6කට වැඩි මුදලක් වැය කර ඇත.

 

පරිසර කළමනාකරණ සැලසුම්

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින ප‍්‍රබල චෝදනාවක් වන්නේ එමගින් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු නොකරන බවයි. විශේෂයෙන් පසුගිය කාලයේ සිදු වූ බොහොමයක් සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල විය.

මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ පාරිසරික වශයෙන් අතිසංවේදී දුම්බර කඳුකරයේ හෙයින් එයින් වන පරිසර හානිය අවම කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ. එහිදී මොරගහකන්ද ජලාධාර ප‍්‍රදේශයන්හි ගංඟා, ඇළදොළ රක්ෂිතයන්හි හෙක්ටයාර් 1365ක නැවත වන වගා කිරීමට පියවර ගෙන ඇති අතර, මොරගහකන්ද ජලාශය වටා මීටර් 100ක රක්ෂිත ප‍්‍රදේශයක් වෙන් කිරීම හා හෙක්ටයාර් 650ක නැවත වන වගා කිරීම සිදු කෙරේ. මීට අමතරව මින්නේරිය - ගිරිතලේ ස්වභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් වෙන් කිරීම, අලිමංකඩ දෙපස විදුලි වැටවල් පිහිටුවීම, අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කරවීම, මින්නේරිය - ගිරිතලේ ස්වභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සත්ව වාසභූමී වැඩි දියුණු කිරීම යටතේ අත්හැර දමන ලද වැව් 04ක් ප‍්‍රතිසංස්කරණය කිරීම, ආක‍්‍රමණශීලී පැළෑටි ඉවත් කර අලුතින් ශාක හා තෘණ වගා කිරීමට පියවර ගැනීම වැනි වැඩසටහන් දියත් කොට ඇත.

 

2017-08-02-ent-73 2017-08-02-ent-74 2017-08-02-ent-75 2017-08-02-ent-76  2017-08-02-ent-78 2017-08-02-ent-79  2017-08-02-ent-81 2017-08-02-ent-82 2017-08-02-ent-83