තට්ටු තට්ටු දිය ඇල්ලක් තනි තට්ටුවේ තවත් එකක්



2017-12-29-ent-84

හිතත් එක්ක හිරිවැටෙන සීතලේ අපි මේ ඉන්නේ කොහේද දන්නවද? නුවරඑළියේ... ගිය සතියේ අපි ඔයාව JUNGLE BEACH එක්ක ගියා. මතකයි නේද වීදුරැ කොළ පාටට දිලිසෙන වතුරේ නෑව හැටි... අද නම් නාන්න බෑ... එකක් නුවරඑළියේ සීතල.. අනිත් එක ලස්සන විඳගන්න පුළුවන් වුණාට නාන්න තරම් ඒ දිය ඇල්ල සමීපයට යන්න විදිහක් නෑ... හැබැයි නුවරඑළියේ ගියොත් මේ ලස්සන දිය ඇලි එකක්වත් ඔයා මඟ නොහැර බලලා එන වගනම් අපි දන්නවා. A -7 මාර්ගයේ පාරෙ එහෙම නැත්නම් හැටන් පාරෙන් නුවරඑළිය යද්දී සංචාරකයන් නොවැරදීම මඟ නවතිනවා දියඇලි දෙකක් බලලා යන්න. ඉන් එක දිය 2017-12-29-ent-85ඇල්ලක් තමා ඩෙවෝන්. අනිත් දිය ඇල්ල. සෙන්ට් ක්ලෙයාර්ස්. උඩරට කඳුකරයේ හුඟක් දිය ඇලිවලට නම් වැටී තියෙන්නේ ඒ ඒ තේ වතු ආශ්‍රිතව... තේ වතුවලට නම් වැටිලා තියෙන්නේ ඒ කාලෙ අපේ රට පාලනය කරපු බ්‍රිතාන්‍යන් යටතේ සිටි සුදු වතු වැවිලිකරැවන්ගේ නම් වලින්. ඩෙවෝන් දිය ඇල්ලට නම වැටුෙණත් මේ කියපු විදිහටම තමයි. ඈත නිල්වන් කඳු මැද්දකින් තනි සේලයක් ලෙසින් තමයි ඩෙවෝන් පහළට ඇද වැටෙන්නේ. එහි උස මීටර් වලින් නම් 98ක්. මුහුදු මට්ටමේ සිට අඩි 1140ක උසකින් පිහිටි මේ සොඳුරැ දිය ඇල්ල A 7 මාර්ගයේ පිහිටි MLESNA TEA CASTLE එක ළඟට හරිම සුන්දරව දිස් වෙනවා. එතන නැවතුණොත් දිය ඇල්ල බලලා හරිම සාධාරණ ගණනකට රස කේක් කෑල්ලක් කාලා සීතල මකාගන්නත් එක්ක උණු උණුවේ තේ කෝප්පයක් බීලා යන්නත් ඔයාට පුළුවන්.

ඩෙවෝන් වගේම තමා සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ලත්. දෙන්නම හරි ලස්සනයි. හැබැයි ඒ ලස්සන දෙවිදිහක්. ඩෙවෝන් ගලාගෙන එන්නේ තනියෙන් එක වක් රේඛාවක් විදිහට. ඒත් සෙන්ට් ක්ලෙයාර්ස් හරි පළල්. ඒ වගේම ඒක තට්ටු දිය ඇල්ලක්. එක තට්ටුවකින් වතුර ටික තව තට්ටුවකට වැටෙනවා. එතනින් ආයෙමත් තව තට්ටුවකට. නීල හරිත කඳු යායක් මැද්දෙන් සුදුම සුදු පළල් සේලයක් සෙයින් ඒ මහා දියදහරාව ගලාගෙන යද්දී මොනතරම් නම් ලස්සනද බලන්න ඒ ලස්සන ළඟ නැවතෙන්නම ඕන. මෙහි උස මීටර් නම් 80ක්. අඩි වලින් නම් අඩි 264ක්. දිය ඇල්ල පාමුලටම යන්න පුළුවන්. තහනමක් නෑ. හැබැයි යනවනම් පරිස්සමින්. මොකද ඒ යන්න තියෙන පාර දුෂ්කරයි. ලිස්සනවා. ඒ නිසා දුරින් නැවතිලා ඒ ලස්සන විඳින එක වැඩියම හොඳයි.

ඉතින් ලෑස්තිවෙලා ඉන්න. එන සති අන්තයේත් යමු කොහේ හරි අපි ඇවිදින්න.

 

Text -Saara / Pic- Channa Kassapa Koralearachchi

 

2017-12-29-ent-82 2017-12-29-ent-86   2017-12-29-ent-83