කතරගම යන ගමන්



2018-03-02-ent-59

කතරගම වන්දනාවේ යන බැතිමතුන් මෙන්ම එම තිස්සමහාරාමය පසුකරමින් සංචාරයේ යෙදෙන දේශීය සංචාරකයන් නොවැරදීම ගිමන් හරින ස්ථානයක් ලෙස තිස්ස වැව සඳහන් කළ හැකිය. දියනෑමට බොහෝදෙනා ප්‍රිය කරන ස්ථානයක් ලෙසයි වැඩි වශයෙන්ම ප්‍රසිද්ධියක් ලබන්නේ.

තිස්සමහාරාම නගරයට ආසන්නයේ තිස්සමහාරාම චෛත්‍ය වඩාත් හොදින් දර්ශනය වන ලෙස පිහිටා ඇති තිස්ස වැව බොහෝ ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියනවා. 03 වන ශත වර්ෂයේදී රැහුණේ රජකම් කළ මහානාග රජතුමා විසින් ඉදි කළ බවත් 1817දී නැවත ප්‍රතිසංස්කරණය කරන ලද බවයි සැලකෙන්නේ.

තිස්සමහාරාම ප්‍ර‘දේශයේ ජනතාවගේ ගොවිතැන් සඳහා මහත් උපකාරී වන තිස්ස වැව ඔවුන්ට මහත් සම්පතක් වී ඇත. එසේම අද වන විට දිවයිනේ නන් දෙසින් කතරගම හා මෙම ප්‍ර‘දේශය පසුකර යන ජනතාව නොවරදවාම යන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

තිස්ස වැව් බැම්ම වර්තමානයේ වඩාත් අලංකාරවත් ලෙස නිර්මාණය කර ඇති අයුරු දැක ගැනීමට හැකියි. දියනෑමට පැමිණෙ ජනතාවට වඩාත් පහසු ලෙස නිර්මාණය කර ඇති අයුරු මනස්කාන්තය.

තිස්සවැවහි දියනෑමට පැමිණෙන සංචාරකයන්නට එහි තවත් සුවිශේෂී අත්දැකීම් බොහොමයකට මුහුණදීමට අද වන නිට අවස්ථාව ලැබී තිබෙනවා. තිස්ස වැවෙහි බෝට්ටු සවාරි ඉන් ප්‍රධානයි. බෝට්ටු සවාරි මෙන්ම තිස්සවැටහි මැද පිහිටි මනරම් දූපතහි සංචාරය කිරීමට ද මේ වන විට ඔබට අවස්ථාව ලැබී තිබෙනවා.

තිස්ස වැවහි Boat Safari නියැළි සනත් මහතා අප හා සඳහන් කර සිටියේ දේශීය සංචාරකයන් බෝට්ටු සවාරි සඳහා වඩාත් ප්‍රියකරන බවයි. මෙම බෝට්ටුවක 08 දෙනෙකුට යා හැකි බවත් ඒ සඳහා රු.2000 අය කරන බවත් ඔහු පවසා සිටියා. ඒ වගේම තිස්ස වැව මධ්‍ය‘යේ පිහිටි දූපතට ගොස් විනෝදවීමට බොහෝ තරුණ පිරිස් කැමැත්තක් එහි නැරඹීමට බොහෝ දේ තිබෙන බවත් සනත් මහතා සඳහන් කළා. විශේෂයෙන්ම දේශීය කුරුලු විශේෂ වගේම සංචාරක කුරුල්ලන්ද සිටින බවත් මෙම දූපත වැඩියෙන්ම ප්‍රසිද්ධව ඇත්තේ ‘තුඹ කරවිල’ බහුලව පවතින ප්‍රදේශයක් ලෙසයි මෙය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

කතරගම හා එම ප්‍ර‘දේශයට සංචාරය කරන ඔබට දියනෑමට වගේම බෝට්ටු සවාරි, කුරුල්ලන් නැරඹීම මෙන්ම දූපතෙහි විනෝදයෙන් කාලය ගත කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. එමෙන්ම මෙම සංචාරයේදීම ඔබට විනෝදවීමට තවත් කදිම වූ ස්ථානයක් හඳුන්වා දීමට පුළුවන්.

එය තිස්සමහාරාම ප්‍ර‘දේශයේ පිහිටි විශාලතම ජලාශය ලෙස සැලකෙන වීරවිල ජලාශයයි. මෙම ජලාශය කිරිඳි ඔයෙන් පෝෂණය වනවා.

වීරවිල ජලාශය ආසන්වම වීරවිල අභය භූමිය පිහිටා ඇති අතර මෙම ප්‍ර‘දේශය සංචාරකයන් හට සොඳුරු අත්දැකීමක් ලබා දෙන ස්ථානයක් බවට අද වන විට පත්වී තිබෙනවා. ඉතාමත් සොඳුරු පරිසර පද්ධතියකට හිමිකම් කියන වීරවිල වැව හා අභය භූමිය ඔබට කතරගම හා එම ප්‍ර‘දේශයේ සංචාරය කිරීමේදී නවතම වූ අත්දැකීමක් ගෙන දෙනු නොඅනුමානයි.

වීරවිල වැව් බැම්ම කි.මී.2.6ක් දිගකින් යුක්තයි. එක දිගට විහිදුණු වැව් බැම්ම අතිශය අලංකාරයි. වැව් ජලාශයේ විවිධ තුරු විශේෂ රංචු වශයෙන් දැකගත හැකියි. එමෙන්ම ජලාශයට ආවේඛික මල් වර්ගද බොහොමයක් ද ඔබට මෙහිදී දැක ගැනීමට හැකියි. තිස්ස වැව මෙන්ම වීරවිල ජලාශයද වර්තමානයේ සංචාරක ආකර්ෂණය නොමඳව ලබන බව සඳහන් කළ හැකි අතර මෙවර ඔබගේ සංචාරයේදී මෙම ස්ථාන දෙකහි සංචාරය කරමින් තවත් නැවුම් වූ අත්දැකීමක් විඳගත හැකියි.

 

සටහන සහ ඡායාරූප - ශාන් බන්දු

 

2018-03-02-ent-57 2018-03-02-ent-58  2018-03-02-ent-60 2018-03-02-ent-61 2018-03-02-ent-62 2018-03-02-ent-63 2018-03-02-ent-64  2018-03-02-ent-66   2018-03-02-ent-69  2018-03-02-ent-71 2018-03-02-ent-72 2018-03-02-ent-73 2018-03-02-ent-74