කෝපි බොන්න කොළඹ තැන් 7ක්



ඉස්සර ඉතින් කොෆි ෂොප් ඉස්සරහ නවත්තලා තිබ්බෙ මොන්ටේරෝ විතරක් වුනාට දැන් මරුතිත් නවත්තන කාලයක්. ඉතින් කොෆි ෂොප් කියන්නෙ තවදුරටත් මහාලොකු පොෂ් සීන් එකක් නෙමෙයි. නිදහසේ ඉන්න ගමන් ගෙදරදි බොන හරිස්චන්ද්‍ර කෝපි කෝපි කොප්පයකට එහා ගිහින් වෙනස්කම් ටිකක් එක්ක රස කෝපි කෝප්පයක් වෙනස් රසකට බොන්න, බොන ගමන් මොනවහරි කන්න, කන ගමන් නිදහසේ කතා බහක යෙදෙන්න කොෆී ෂොප් නොහොත් කෝපි කඩයකට යන්න පුළුවන්. අපි කියන්නෙ කොළඹ අවට තියෙන නියම කෝපි කඩ ටිකක්. මේ ප්ලේස් එකකට ගිහින් නිදහසේ වෙනස් කෝපි රසක කෝපි කෝප්පයක් තොල ගාල බලන්න. පොෂ් වෙන්න නෙමෙයි. වෙනසකටත් එක්ක.

 

2018-04-09-ent-128

Cafe Shaze
 

2018-04-09-ent-136

හැවුලොක් ටවුන් එකේ තිඹිරිගස්යාය පාරෙ තියෙන මේ කඩේ සැළකිය යුතු පොෂ් කඩයක් හින්දා ගනං ටිකක් වැඩියි. උදේ දහයට ඕපන් කරන මේ කඩේ වහන්නෙ රෑ දොළහට. බ්‍රවුනි ෂේක් එකට කට්ටිය විශේෂයෙන් කැමතියි. මිත්‍රශීලී සේවක පිරිසක් ඉන්න මේ කෝපි කඩේ කෝපිවලට වඩා ගොඩක් රස දේවල් පිරිච්ච කඩයක් නිසා දිවටයි පොකට් එකටයි හොඳට දැනේවි. නිදහසේ ඉන්න නං කියාපු ප්ලේස් එකක්.

 

 

2018-04-09-ent-129

 

The Coffee Bean & Tea Leaf
 

2018-04-09-ent-141

තේත් තියෙනව තමයි. හැබැයි කෝපිවලට ප්‍රසිද්ධ කඩේ. තැන් ගොඩක තියෙනවා. අපි කියන්නෙ අපේ ඔෆිස් එකට ලඟම ලිබර්ටි ප්ලාසා එකේ තියෙන කඩේ ගැන. කෙටි කෑම ජාති, දිගින් දිගටම බොන්න පුළුවන් කෝපි සහ චොකලට් බීම වර්ග වගේම චීස් කේක් සහ වොෆල් ටයිප් එකේ කෑමත් පිරිලා. මිත්‍රශීලී සේවක මණ්ඩලයක් වගේම නිදහසේ වැටිලා ඉන්න පුළුවන් පුටුත් මෙතන තියෙනව. උණු බීම වගේම සීතල රස බීම ජාතිත් පිරිලා. වියදමනං කැෆේවල සාමාන්‍යෙයන් යන වියදමට සෙට්වෙනවා.

 

 

2018-04-09-ent-130

 

Barefoot Garden Café

2018-04-09-ent-135

කොල්ලුපිටියෙ බෙයාෆුට් කැෆේ එකේ තියෙන එක විශේෂයක් තමයි එළිපහලියේ ඉඳන් නිදහසේ කෝපි උගුරක් බොන්න පුළුවන් වීම. මේක කෝපිවලටම විශේෂම නැතත් මේකෙ කෝපි ෆ්‍රැපේ එකට මිනිස්සු ආසයි. ඒ වගේමයි මේකෙ තියෙන චීස් සැන්ඩ්විච් එක. ඒ දෙකම නැගල යනව කියල තමයි මේකට ගිය කට්ටිය කියන්නෙ. අපිට නං යන්න බැරිවුනා. කෑම බීම එක්ක මික්ස් වෙලා යන ලයිවු ප්ලේ කරන ජෑස් සංගීතයටත් කට්ටිය කැමතියි.

 

 

2018-04-09-ent-131

 

Coco Veranda
 

2018-04-09-ent-138

මේක සෝෂල් මීඩියා අතරෙ ඉන්න තරුණ තරුණියොන්ට නුපුරුදු කඩයක් නෙමෙයි. සෝෂල් මීඩියා වැඩවලට කවදත් ස්පොන්සර් කරන මේ කඩේ ප්‍රසිද්ධ කෝපි කඩයක් වුනාට මේකෙ රසම දේ තමයි බීෆ් බර්ගර්. උදේ හතේ ඉඳන් රෑ දොළහ වෙනකං කඩේ ඕපන්. උදේ කැමටත් කට්ටියගෙ ලයික් එක උපරිමෙන් තියෙනවා. ඔරියෝ චීස් කේක් එක වගේම කෝපි එකටත් උපරිම ලකුණු දෙන්න පුළුවන්. තියෙන්නෙ වෝඩ් ප්ලේස් එකේ. ගනං චුට්ටක් වැඩියි. ගොඩක් වැඩිත් නෑ. මධ්‍යමත් නෑ.

 

 

2018-04-09-ent-132

 

CIOCONAT Lounge
 

2018-04-09-ent-137

මුලින්ම කියන්න ඕන කෑම රසයි. කෝපි බොන්න හෙන සෙනගක් තියෙනවා. කොහොමත් සිනමන් ගාඩ්න්ස් පැත්ත බිස්නස් මීටින් පැවැත්වෙන පැත්තක් නිසා සෙනගත් ටිකක් විතර ඉන්නවා. ඒත් සද්ද බද්ද අඩු නිස්කලංකෙ කෝපි තොල ගාන්න පුළුවන් කැෆේ එකක් තමයි මේ. චිකන් ලසඥා එකට සෙනග හරිම කැමතියි. කෝපි ජාතිවල අති විශේෂයි කියල කියන්න දෙයක් නැතත් කිවි කූලර් කියන ඩ්‍රින්ක් එකටනං හැමෝම ආසයි.

 

 

2018-04-09-ent-133

 

Java Lounge
 

2018-04-09-ent-140

නමේ හැටියටම මේක තියෙන්නෙ ජාවත්ත පාරෙ. හැවුලොක් ටවුන් එකෙන් ජාවත්ත පාරෙ තියෙන මෙතනට සෙනගෙන් නං අඩුවක් නෑ. මොකද ගණනුත් ෂේප්. මෙතන උදේ කෑමවලට කට්ටිය හුඟක් මනාපයි. කට්ටිය පුංචි පුංචි මීටින් තියන්නත් මෙතනට යනවා. කෝපිවලට තියෙන රසික ප්‍රතිචාරම තියෙන කෑමක් විදියට මීට්බෝල්ස් එක්ක එන ස්පැගට් පිඟාන කියන්න පුළුවන්.

 

 

2018-04-09-ent-134

 

Coffee Stop - Cinnamon Grand
 

2018-04-09-ent-139

කොල්ලුපිටියෙ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ තියෙන කෝපි කඩේටත් හෝටලේට වඩා ප්‍රසිද්ධියක් තියෙනවද කියලත් හිතෙනවා. උදේ හතේ ඉඳන් රෑ දොළහ වෙනකං ඇරපු මේ කැෆේ එක හෝටලයක් ඇතුළෙට තිබුනට ගනං ෂේප්. කෝපි එකක් එක්ක නියමෙට යන්න මට්න් රෝල් එකත් ගැලපෙනවා. කෝපි අතරින් මෝචා ලාටේ එකට වැඩි රසික පිරිසක් හිමියි.

 

Text – The Rattle Snake

Pix – The Lord Google / zomato.com