අවුරුද්දට කොළඹ වටේ රවුමක්



2018-04-11-ent-34

හිතට නිදහසක් හොයාගෙන කටට රහට මොනවා හරි කන්න තියෙන තැනක් හොයාගෙන කොළඹ වටේ ඔයත් එක්ක පොඩි රවුමක් යන්න අපිට හිතුණා. මොකද ඊළඟ සති අන්තය එළඹෙද්දී මේ ජනාකීර්ණ කොළඹ හරිම පාළුයි. ඈත ඈත ගම්වලින් කොළඹට ඇවිත් ඉන්න හුඟක් දෙනා ආයෙත් අවුරැදු හොයාගෙන ගමට ගිහින්. කෑම කඩ හුඟක් වහලා. Shopping යන්න සාප්පු ඇරලා තිබුණත් කල එළියක් නැති ගාණට අවුරැදු සති අන්තයේ කොළඹ පාළුයි. Walk 111 එක්ක ඔයාලත් එකතු කරගෙන කොළඹ වටේ පොඩි රවුමක් ගහන්න ඔන්න අපි හිතුවෙත් ඒකමයි

විහාරමහා දේවි උද්‍යානය සති අන්තයට පොඩි දරැවන්ගේ පාරාදීසයක් කීවොත් හරියටම හරි. පාට පාට පුංචි සමනල්ලු වගේ පොඩ්ඩෝ පොඩ්ඩියෝ දුවනවා පනිනවා කෑගහනවා හිනාවෙනවා. එයාලා සතුට ඉහිරිච්ච එයාලගෙම ලෝකයක. ඒ උද්‍යානයේම තව පැත්තක පොඩ්ඩක් තනි වෙන්න ළඟින් ඉඳගෙන කතා කරන්න එන පෙම්වතුන්. තම තමන්ගේ ලෝකවල හුදෙකලා වෙච්ච ඒ ඒ අයට ඒ ඒ අයගේ නිදහස සතුට එහෙමම විඳගන්න ඉඩදීලා ඔන්න අපි ආවා ආර්කේඩ් එක ළඟට. ආර්කෙඩ් කියන්නේ අද shopping ඒරියා එකක් විතරක්ම නෙවෙයි. නිදහසේ කොළඹ හුළඟ විඳගන්න රසට දෙයක් කාලා බීලා යාළුවොත් එක්ක පොඩි චැට් එකක් දාලා කාලය ගත කරන්න නියම තැන. එතනින් ඔන්න අපි ගියා දියත උද්‍යානයට. දියත උද්‍යානය කියන්නේ එක පැත්තකින් shopping ඒරියා එකක්. ඒ වගේම ඇවිදින මංතීරැව නිසා කට්ටිය උදේ හවස ව්‍යායාම කරන්නත් දියත උද්‍යානයට එනවා. පුංචි පුංචි දඟ පැටවු දුවන්න පනින්න සෙල්ලම කරන්නත් දියත උද්‍යානයට එන්නේ එහි ඉදිවී ඇති ලස්සන ළමා උද්‍යානය නිසා. ඒ විතරක්ද wedding pre shoot ගන්න පුංචි පුංචි උත්සව celebrate කරන්න කන්න බොන්න මේ හැමදේකටම කට්ටිය දියත් උද්‍යානයට එනවා.

හවස් වරැවේ පොඩි පොඩි shopping පාරකුත් දාලා කොළඹ වටේ ඇවිද්ද අපි ඔන්න ඊළඟට ආවේ බෙල්ලන්විල පන්සල අසල උද්‍යානයට. බෙල්ලන්විල පන්සලට එහෙම ගිහින් හවසක දෙයක් නිදහසේ කාලා බීලා යන්න මේ පුංචි උද්‍යානය කදිමයි. ඒ වගේම කට්ටිය ශරීර සුවතාවය වෙනුවෙන් ඇවිදින්නත් මෙතෙන්ට එනවා. අපි යද්දී හොඳටම රූ වෙලා. ඒත් රාත්‍රියේදීත් ඒ උද්‍යානයේ මිනිස්සු හිඟ නෑ. මොකද කියන්නේ යමුද නිදහසේ රවුමක්.

එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. ඊළඟ සතියේ මාතරදී අපි හම්බෙමු එහෙනම්. ඒත් එක්කම සිංහල හින්දු සහයෝගයේ අවුරැද්දටත් හදසර අපේ සුබ පැතුම් ඔයාට.

 

2018-04-11-ent-35  2018-04-11-ent-33 2018-04-11-ent-32 2018-04-11-ent-31 2018-04-11-ent-30 2018-04-11-ent-29