දියවන්නාවේ කෝච්චි කඩේ



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-05-03-ent-32

ඉතින් කොහොමද ඔයාට.. අපි අද කොහෙද යන්නේ... අපි හිතුවා අද ඔයත් එක්ක කෝච්චියේ යන්න... හැබැයි ඒක යන කෝච්චියක් නෙවෙයි.. හැමදාමත් එක තැන තියෙන කෝච්චියක්... කෝච්චිය ඇතුළේ එකකට එකක් වෙනස් විදිහේ කෝච්චි පෙට්ටි restaurant හතරක්. Blue ginger. එයා ලෑස්තිවෙලා ඉන්නේ ඉන්දියානු කෑම රසයට ප්‍රිය කරන ඔයා වෙනුවෙන් එක එක විදිහේ තෝසේ රස බලන්න දෙන්න... තෝසේ කියද්දී මගේ මතකයට එන්නේ ගී තෝසේ... ඒක කවදාවත් අමතක කරන්න බැරි රසයක්... ගිතෙල්වලින් හදන ගී තෝසේවලින් නික්මෙන්නේ නැවුම් එළඟි තෙල් සුවඳක් වගේම එළඟි තෙල් රසයක්. තෝසේ වගේම තවත් ඉන්දියානු කෑම බොහෝමයක රස ඔයාට විඳින්න පුළුවන් blue ginger කෝච්චි පෙට්ටියෙන්.

කොහෙද මේ කෝච්චි restaurant එක තියෙන්නේ. දියත ස්ටේෂන් ගිහින් තමයි ඔයාට මේ කෝච්චි රෙස්ටුරන්ට් එකට යන්න වෙන්නේ. දියත ස්ටේෂන් කෝච්චි restaurant එක කරගෙන යන්නේ water’s edge හෝටලය මඟින්. ඒත් එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මඩ වගුරක් වෙච්ච බිමක් දියත උද්‍යානය නමින් සොඳුරැ උද්‍යානයක් බවට පත් නොකළානම් අද මෙතන දියත ස්ටේෂන් නමින් රෙස්ටුරන්ට් එකක් ඉදි වෙන එකකුත් නෑ. ඒ නිසා අපිනම් විශ්වාස කරන්නේ මෙහි මුල් ගෞරවය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හිමිවිය යුතුයි කියලා.. දියත ස්ටේෂන් restaurant හි කළමනාකාරවරයා කීව විදිහට පහුගිය සති අන්තෙක අලුත් අත්දැකීමක් විඳින ගමන් නිදහසේ කන්න බොන්න කැමති සිතුවිල්ලෙන් දෙස් විදෙස් සංචාරකයන් හත්සීයක් පමණ දෙනා මෙතෙන්ට ඇවිත් තියෙනවා. ඒ වගේම water’s edge හෝටලයේ නවතින්න එන සංචාරකයනුත් මේ අත්දැකීම විඳගෙන ලස්සන හැන්දෑවක් ගෙවලා යන්න මෙතෙන්ට එනවා.. කෝච්චි රෙස්ටුරන්ට් එක පටන් අරගෙන තාම මාසයක තරම්වත් කාලයක් නෑ. ඒත් ඉස්සරලා කීව විදිහට  අලුත් අත්දැකීමක් විඳගන්න තියෙන කැමැත්ත නිසාම මෙතෙන්ට හුඟක් දෙනා එනවා නිදහසේ වැව දිහාවෙන් හමාගෙන එන හුළඟත් විඳින ගමන්ම කැමති දෙයක් කැමති කෙනෙක් එක්ක නිවීහැනහිල්ලේ කාලා බීලා යන්න. රොටී කරත්තෙත් මේ restaurant අතරෙහි හරි ජනප්‍රිය තැනක්. රොටී රස විඳින්න කැමතිම අය වෙනුවෙන් තමයි එතන වෙන්වී තියෙන්නේ. රැපියල් හැත්තෑවේ ඉඳන් රැපියල් හයසීය ගණනක උපරිමයට යටත්ව මෙහි කෑම බීම මිලට ගන්න පුළුවන් නිසා පොකට් එකට ලොකු බරකුත් නෑ. දැන් දැන් කට්ටිය උපන්දින සාද වගේ පුංචි පුංචි උත්සව පවත්වන්නත් මෙතන වෙන් කරගන්නවා. දියත උද්‍යානයේ ඉඳන් බෝට්ටුවේ පුංචි දුරක් ඇවිත් තමයි දියත ස්ටේෂන් එකට එන්න ඕන. සතියේ දවස්වලනම් හවස 5න් පසුවත් සතියේ දිනවලනම් දවස පුරාමත් දියත ස්ටේෂන් ඔයා වෙනුවෙන් විවෘතයි.

ඔයා කෑමක් ඇණවුම් කළාම ඔයාගේ කෑම එක ලෑස්තියි කියන එක ඔයාට කියන්නෙත් කෝච්චියක් එද්දී ස්ටේෂන් එකේ දෙන නිවේදනයක් විදිහට. කැමති අයට කෝච්චි පෙට්ටි ඇතුළෙ ඉඳගෙනත් කැමති අයට වේදිකා අංගනයේ ඉඳගෙනත් කෑම කන්න පුළුවන්. ජීවිතයේ අපි කරන කියන හැමදෙයක්ම අවසානයේ අපි ජීවිතයෙන් ඉල්ලන්නේ මොකද්ද? සතුට... එහෙම නේද? සතුට පිරැණු හැන්දෑවක සොඳුර විඳගන්න මට හිතෙන්නේ මෙතන කියාපු තැනක්. ඇවිත්ම බලන්නකෝ...

ඉතින් දියත ස්ටේෂන් පැත්තේ ගිහින් එන්න ඔයාට සතියක්ම තියෙනවා. එන ඉරිදාත් අපි එනවා ඔයා එක්ක කොහේ හරි යන්න. ලෑස්ති වෙලා ඉන්න එහෙනම්.

 

Text -Saa /  Pic- Channa Kassapa Koralearachchi

 

2018-05-03-ent-29 2018-05-03-ent-30 2018-05-03-ent-31  2018-05-03-ent-33 2018-05-03-ent-34 2018-05-03-ent-35 2018-05-03-ent-36 2018-05-03-ent-37 2018-05-03-ent-38 2018-05-03-ent-39 2018-05-03-ent-40 2018-05-03-ent-41