කොළඹ හොඳම රටකෑම ජොයින්ට් 7ක්



හැමාදාම කන දේවල් ටිකට අමතරව ටිකක් වැඩිපුර වියදං කරලා හරි ඒ ඒ රටවල්වලට ආවේණික කෑම ගැන දැනගන්න එක හොඳයි. මේ ඒකට පොඩි උදවුවක්. මේ කඩවල තියෙන්නෙ ඔරිජිනල් රස නිසා හන්දියෙ කඩෙන් කන චයිනීස් කෑමවල රස බළාපොරොත්තු වෙන්නත් එපා.

 

2018-04-09-ent-128

2018-05-03-ent-120

ඉතාලි කෑමකට නම් – Pranzo

බත්තරමුල්ලෙ වෝටර්ස්එජ් එකේ තියෙන මේ ඉතාලි අවන්හලෙන් දෙදෙනෙකුට රුපියල් දෙදහසක මුදලකට ඉතාලි පන්නයේ ආහාර වේලක් ගැනීමේ හැකියාව තිබෙනවා. උදෑසන එකොළහේ සිට රෑ 11.30 වෙනතෙක් විවෘතව තියෙන මේ අවන්හලෙන් රිසෝටෝ, පැස්ටා, ස්පැගටි, සුප් වර්ග රස බැලීමේ හැකියාව තිබෙනවා.

 

 

2018-04-09-ent-129

2018-05-03-ent-121

කොරියානු රසට – Han Gook Gwan

දෙදාස් පන්සීයකට දෙන්නෙකුට කෑම කන්න පුළුවන් මේ අවන්හල තියෙන්නෙ හැවුලොක් ටවුන්වල. සාම්ප්‍රදායික කොරියානු කෑම අතරෙ මස්, මාළු, සුප්, බත් වර්ග ඇතුළත්. අවන්හලේ ප්‍රසිද්ධම ආහාරයක් විදියට සෝජු හඳුන්වන්න පුළුවන්. කොරියානු ජාතික දෙපළක් පවත්වාගෙන යන‍ මෙම අවන්හලහි සෑම මේසයකට කුඩා ගෑස් උදුනක් සවිකර ඒ මොහොතේ සිදුකරන ග්‍රිල් කිරීමක අත්දැකීම විඳින්නට ඉඩ සලසා දෙනවා.

 

 

2018-04-09-ent-130

2018-05-03-ent-122

ජපන් රස මුවට – Sakura

සකුරා කියන්නෙත් හැවුලොක් ටවුන් හී ඇති ජපන් පෙණුමින් යුතු අවන්හලක්. පිටත මෙන්ම ඇතුළතත් ජපන් සංස්කෘතියට අනුව සකසා ඇති එහි සැබෑ සේවයක් ‍ලබාදෙන බවට ඇති පාරිභෝගික සහතිකයත් තියෙනවා. පිකල් වර්ග, මීට් බෝල්ස්, මාළු විශේෂ, සුෂී සහ බර්ගර් වර්ග ජපන් රසයෙන් එහිදී මිලදී ගත හැකියි. දෙදෙනෙකුට ආහාර වෙනුවෙන් රුපියල් තුනදහසක් පමණ වියදම් වීමේ ඉඩකඩක් පවතිනවා.

 

 

2018-04-09-ent-131

2018-05-03-ent-126

තායි රසය වෙනුවෙන් – Tom Yum

තායි ආහාර පිරුණු මේ අවන්හල තියෙන්නෙ බත්තරමුල්ලෙ පන්නිපිටිය පාරෙ. රුපියල් දෙදහසක වගේ මිළකට දෙදෙනෙකුට ආහාර ගැනීමේ හැකියාව තියෙන මේ අවන්හලේ සාම්ප්‍රදායික තායි ආහාර සීතල සහ උණුසුම් පානයන්, බත් වර්ග, සැලඩ් වර්ග, සුප් සහ විශේෂයෙන් මුහුදු මාංශයෙන් පිරී තිබෙනවා. එසේම එහි කටගැස්මක් ලෙසින් ලබාගත හැකි බොහෝ ආහාරද ඔබට තෝරාගත හැකියි.

 

 

2018-04-09-ent-132

2018-05-03-ent-123

භාරත රස විඳින්නට – Amrith Indian Restaurant

උතුරු ඉන්දියානු ආහාර සේම කේරලයේ ආහාරවලට විශේෂිත අම්රිත් පිහිටා ඇත්තේත් හැවුලොක් ටවුන්වලයි. නිස්කලංක පරිසරය ඇතුළතදී තුන්දහසකට ආසන්න මුදලකට දෙදෙනෙකුට ආහාර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔවුන්ගේ මසාල පරිප්පු කරිය විශේෂයෙන්ම රස බැලිය යුතු බව සඳහන් කළ යුතුයි.

 

 

2018-04-09-ent-133

2018-05-03-ent-124

සැමදා දකින මකරා නොව – Tsing Tao

හැම හන්දියකම තියෙන චීන ආහාර කඩවලට වෙනස් සාම්ප්‍රදායික චීන රසයක් ආහාරයෙන් විඳින්නට අවශ්‍ය නම් ඔබට තෝරා ගත හැකි හොඳම විකල්පයක් ලෙස සිං ටාඕ දැක්විය හැකියි. කුරුඳුවත්තේ ඇති මෙම අවන්හලෙහි උඩු මහලෙහි ආහාර ගැනීම මනරම් දසුනක් ගෙනෙන්නක් බව පැවසිය යුතුයි. චීන සහ මුහුදු ආහාරයෙන් සුසැඳි අවන්හල දෙදෙනෙකුට ආහාර ගන්නේනම් සාමාන්‍යයෙන් රුපියල් හාරදහසක පමණ මුදලක් වැයවෙන බව කිව යුතුයි.

 

 

2018-04-09-ent-134

2018-05-03-ent-125

Arabian – Hazari’s

හසාරීස් තියෙන්නෙ කොල්ලුපිටියෙ. මනරම් අරාබි ආහාර වේලක් වෙනුවෙන් එය ඉතා ගැලපෙන අවන්හලක්. කට දැවිල්ලට කෑම කන්න ආස කරන සැවොම යායුතු අවන්හලක් ලෙස එය දැක්විය යුතුයි. රුපියල් 1500කට දෙදෙනෙකුට සරිලන ආහාර ලබාගත හැකි එහි ෂවර්මාවලට ඉතා හොඳ පාරි‍භෝගික ප්‍රතිචාර තිබෙනවා.

 

Text – Rattle Snake

Photo and Information Courtesy – zomato.com