කොළඹ අවට පීසා ජොයින්ට්ස් 7ක්



ලංකාවෙ අපි ඉතාලියට වඩාත්ම සමීපවෙන්නෙ මොනව දෙයින්ද කියල ඇහුවොත් පැස්ටා, පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ උත්තර පරදවලා අපිට ලැබෙන පිළිතුරක් තියෙනවා. ඒ තමයි පීසා කියන්නෙ. ලංකාවෙ මිනිස්සු පීසාවලට ලොකු කැමැත්තක් තියෙනවා. පීසා ආරේ ආහාර බොහෝ රටවල ආහාර සංස්කෘතීන් ඇතුළෙ සැඟවිලා තියෙනවා. අරාබියේ, ස්පාඥ්ඥයේ, ඉන්දියාවේ වගේම ලංකාවේ ලුණුමිරිස් අතුල්ලලා හදාන්න පොල් රොටියෙත් පොඩි පීසා ස්වරූපයක් තියෙනවා. අපේ මේ පාර කතාව හැමදාම පීසා කන පීසා හට් සහ ඩොමිනෝස් වෙනුවට කොළඹ අවටින් පීසා කන්න හොඳ ජොයින්ට්ස් හතක් ගැන.

 

2018-04-09-ent-128

2018-05-12-ent-62

Arthur's Pizza

මැච් බලබල පීසා කන්න තියෙන, බඩගිනි වෙන අමුතු අඳුරු වටපිටාවක් හැදුනු කොළඹින් චුට්ටක් ඈතට තියෙන ප්ලේස් එකක් තමයි මේ ආතර්ගේ පීසා කඩේ. ගල්කිස්සේ අති සුප්‍රකට සිංහ කටට එහා පැත්තෙ තියෙන මේ පීසා කඩේ කොටු දාන බීමත් තියෙනවා. හැබැයි අපි කතා කරන්නෙ පීසා ගැන. මිල ගණනින් අඩු, චීස්, බේකන්, බිත්තර පිරිච්ච ලංකාවෙ අපිට හුරු කටදැවිල්ලට රසට හදපු පීසා වගේම චිකන් එක්ක නයි මිරිස් දාපු දැවිල්ල වැඩි පීසා වුනත් මෙතන තියෙනවා. ඒ වගේම මිළ ගණන් ඉතාමත් අඩුයි.

 

 

2018-04-09-ent-129

2018-05-12-ent-63

Giovanni's

තිඹිරිගස්යායෙ ජ්‍යෝවානීස් කියන්නෙ රස පීසා කනවනං යන්න තැනක් විත්තිය හැම මනුස්සයම කියන දෙයක්. මේ දේ කටින් කට ගිහින් මෙතනට ඇදෙන සෙනග තවත් වැඩකරන්නට මේ සටහන හේතු වේවා! මොකද මනුස්සයෙක් පීසා කන්න ආසයිනං ඒ ආසාව දෙගුණ තෙගුණ කරවන්න පුළුවන් තැනක් තමයි මේ. යූටියුබ් එකේ දැකල තියෙනවද පීසා රොටිය හදන වැඩකාරයොන්ගෙ වීඩියෝ. අන්න ඒ විදියට කඩේ ඇතුළෙම හදන රොටිය නියම ඕතන්ටික් විදියට දර උදුනක පිච්චෙනවා. ඒ පිච්චෙන්නෙ රස කරන කුළු බඩු වගේම අඩුම කුඩුම, එක එක රසට හදපු මස් වර්ග, එළවළු, චීස්, පුරෝගෙන. ඒ නිසා ගානනං පොඩ්ඩක් වැඩියෙන් දැනෙන්න පුළුවන්. හැබැයි සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා කියලත් හිතේ තියාගන්න.

 

 

2018-04-09-ent-130

2018-05-12-ent-64

Harpo’s Pizza

කාලා එළියට ඇවිත් “කෑමනං හාපෝ” කියන්න වෙන්නෙනැති කඩයක් තමයි මේ. නුගේගොඩ වගේම කොළඹ ග්‍රෙගර් පාරෙත් තියෙනව. දුං ගහපු චිකන් වගේම බ්කන්, සැමන්, චීස් වගේ දේවල් පිරිච්ච පීසා වර්ග කන්දක් මේ කඩෙන් තෝරාගන්න පුළුවන්. මෙයාලගෙ පීසා රස වෙන ප්‍රධානම හේතුවක් තමයි අතිජනප්‍රිය දේවල්වලට අමතරව මදිනොකියන්න දාන අඩුම කුඩුම. මීකිරි, සුදුළූනු වගේ පීසාවලට දානව කියල අහල නැති දේවලුත් දාලා මෙයාලගෙ කෑම හැදෙන්නෙ. මොසරැල්ල චීස් ලොකුවට දාලා හදන පීසා රසට සරිලන ගානකට විකුණන නිසා හාපෝගේ පීසා කඩේට එන සෙනග වැඩියි.

 

 

2018-04-09-ent-131

2018-05-12-ent-65

Peppers

අපි මේ කියන්න යන්නෙ පිටරටවල්වල වන්ඩොලර් පීසා සංස්කෘතියට ලංකාවෙ හැදිච්ච, හදිස්සියට පීසා වෙජ් එකක් කාලා දුවන්න පුළුවන් ටයිප් එකේ කැෂුවල් කඩයක් ගැන. පිහිටලා තියෙන්නෙ අතිශය සෙනග පිරුණු මැජස්ටික් සිටියෙ ෆුඩ්කෝට් එකේ. දැන් ඉතිං වන්ඩොලර් පීසා සංස්කෘතියට තියෙනව කිවුව නිසා රුපියල් 150ට පීසා කන්න යන්න එපා. අපි මෙතන සඳහන් කරන අනිත් කඩ තරම් මහා රසක් නැතත් චීස් පුරෝලා ඒ මොහොතට බඩයි හිතයි පිරෙන්න කන්න පුළුවන් අඩු මිළ කඩයක් තමයි මේ. මෙතනට හොඳ සෙනක් ඉන්නවා.

 

 

2018-04-09-ent-132

2018-05-12-ent-66

Cafe Michelangelo

මේ නම දාලා තියෙන්නෙ අර චිත්‍ර ඇඳපු මනුස්සයාගෙ නම තියන අදහසින්ම තමයි. මයිකල්ආන්ජලෝ චිත්‍ර ඇතුළෙ වෙනස් විඳීම් හෙවුව වගේම මේ පීසා කඩේ අය පීසා ඇතුළෙ වෙනස් විඳීම් හොයනවා. ඉතිං මේ කඩෙන් වෙනස් රසයන්වල පීසා කන්න පුළුවන්. ගනං අඩු වැඩි වශයෙන් තියෙන මේ පීසා කඩේ පොල් සම්බෝල පීසා වගේ වෙනස් රසයන් පීසා බේස් එකට හදලාත් තියෙනවා. තියෙන්නෙ නාවල. පීසාවල වෙනස් රසයන් හොයන්නනං අනිවා මෙතනට යන්න.

 

 

2018-04-09-ent-133

2018-05-12-ent-67

Dolce Italia

මෙයාලගෙ ප්‍රසිද්ධ වුනේ පොලිස්පාක් එක ඉස්සරහ තිබුනු කඩේ වුනත් දැන් තියෙන්නෙ ස්කෙල්ටන් පාරෙ. ඩොල්ස් ඉතාලියා කියන්නෙ පුංචි පුංචි ඉතාලි කෑම පිරිච්ච තැනක්. ගනං චුට්ටක් විතර වැඩි වුනත් විදේශයන්ගෙන් ගෙන්වන අඩුමකුඩුම දාලා රන් කරන කඩයක් විදියට බැලුවොත් මේ ගනං සාධාරණයි. මෙතන පීසා වගේම කෝපි වර්ගත් තියෙනවා. ඔරිජිනල් ඉතාලු රස අතරේ ලංකාවෙ අපිට හුරු රසවලුත් මේ පීසා ජාති අතරෙ තියෙනවා.

 

 

2018-04-09-ent-134

2018-05-12-ent-68

Il Ponte

හිල්ටන් එකට අයිතියි කියල කිවුවම මේක බලන්නෙ නැතුව යන්න එපා. හොඳටම ඉතාලි පැත්තට බර වගේම, සිස්ටම් එකේ හැටියට ටිකක් විතර වැඩි ගනංවලට යන ප්ලේස් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම නියම ඉතාලි අත්දැකීමක් ලබන්න මේ අවන්හල කදිම ස්ථානයක් බවත් කිව යුතුමයි. නමුත් මිළගනන්වලට සාපේක්ෂව ඉතා ඉහළ ගුණාත්මක, ප්‍රනීත ආහාර වගේම ඉතා සුහදශීලී සේවයකුත් මෙතනින් ලැබෙනවා.

 

Text – The Rattle Snake

Pix – The Lord Google