කොළඹ අවටින් අයිස්ක්‍රීම් කන්න ජොයින්ට් හතක්



2018-04-09-ent-128

Il Gelato
 

2018-06-07-ent-25

අපේ කතාව යන්නෙ කොළඹ හතේ සිනමන් ගාඩ්න්ස්වල තියෙන අයිස්ක්‍රීම් කඩේ බ්‍රාන්ච් එකත් එක්ක. ගනං ටිකක් වැඩි වුනාට නිස්කලංක තැන. ඒ වගේම විවිධ රසින් සහ එකතුවෙන් සුසැඳි අයිස්ක්‍රීම් පිරිලා. සමහර අයිස්ක්‍රීම්වල කප්එක කන්නත් පුළුවන්. සමහර ඒවා කන්න ලෝබයි. ඒ තරං ලස්සනයි. දෙන්නෙකුට රැපියල් දාහක විතර වියදමෙන් ගොඩයන්න පුළුවන් තැනක්. නිල් පාට අයිස්ක්‍රීම් කෝන් එකක් තියෙනව පෆී කියල. ඒකට කට්ටිය හුඟක් කැමතියි.

 

 

 

 

2018-04-09-ent-129

Carnival Ice Cream

2018-06-07-ent-26

කොල්ලුපිටියෙ ජාතික ඉතිරිකිරීම් බැංකුවට එහා ඉඩමෙ තියෙන නියම රදළ ක්‍රෙම් වලවුවක් ඇතුළෙ තියෙනව රස ගුලාවක්. නම වගේම ඒක ඇතුලෙ කානිවල් එකක සැපට දෙවනි නෑ. බඩ පැලෙන්න අයිස්ක්‍රීම් පාරක් දාන්න දෙන්නෙකුට රැපියල් දාහක් යාවි. ඒ වගේම තෝරගන්න විශේෂ සහ ප්‍රමාණයන් මහ ගොඩකුත් කානිවල් එක ඇතුළෙ තියෙනවා. ඩබල් චොකලට් චිප්, හේසල්නට් රසට ගොඩක් අය කැමතියි කියලත් මතක් කරන්න ඕන.

 

 

 

 

2018-04-09-ent-130

Baskin Robbins

2018-06-07-ent-27

කොල්ලුපිටියෙ ඇතුළුව තැන් දෙක තුනකම තිබුනට අපි ගියේ යුනියන් ප්ලේස් එකේ ජොයින්ට් එකට. වැටිල ඉන්න කියාපු තැන. රස තිස් එකක් තියෙන පිටරට බ්‍රෑන්ඩ් එක ලංකාවට ඇවිල්ල ටික කාලෙකින්ම ප්‍රසිද්ධ වුනාට මොකද මිළ ගනන් ටිකක් වැඩි නිසා කට්ටියනං යන්න හොරාට වගේ තමයි. කොට්න් කැන්ඩි, බ්ලැක් කරන්ට්, ත්‍රී චියර්ස් චොකලට් වගේ ඒවා අති ප්‍රසිද්ධයි. ගානට හපං රස. රස වැඩි නිසාම ගාන එච්චර ගානක් නැති වෙලා යනවා. දෙන්නෙකුට කන්න ෂේප් එකේ දාහක් විතර වියදං වේවි. ඇත්තටම ඉතිං මෙතන තියෙන හොඳේ තමයි මේක අයිස්ක්‍රීම් එකක් කන්නම කියාපු ප්ලේස් එකක් වීම.

 

 

 

 

2018-04-09-ent-131

Rio Ice Cream

2018-06-07-ent-28

යාපනේ මීගමුවෙ වගේ පැතිවලිනුත් කෑවට කොළඹ අවට ජොයින්ට්ස් හොයන නිසා අපි ෆීචර් කරන්නෙ වැල්ලවත්තෙ රියෝ එක. කිරි රසෙන් පිරිච්ච අයිස් ක්‍රීම්වලට වැඩ කෑලි ගොඩක් දාලා තියෙන නිසා එක දවසකින් කාලා ඉවර කරන්න වෙන්නෙ නෑ. කොච්චර ගියත් ආශාව නැති වෙන්නෙත් නෑ. දෙන්නෙකුට හොඳට අයිස්ක්‍රීම් කන්න රුපියල් හයසීයක් විතර යාවි. බ්ලූබෙරි සන්ඩේ එකට තමයි ගොඩක් කට්ටියගෙ හිත. සෙන ටිකක් වැඩි වුනාට කිරි පිරිච්ච අයිස්ක්‍රීම් එක්ක අඹ හැපි හැපි ෆෘට් සැලඩ් කන්න ආයෙත් ආයෙත් හිත ඉල්ලනව.

 

 

 

 

2018-04-09-ent-132

SNOG

2018-06-07-ent-29

මෙතන ෆ්‍රෝසන් යෝගට් තියෙන තැනක්. තියෙන්නෙ බම්බලපිටියෙ. ඒ වුනාට මොකද ෆ්‍රෝසන් යොගට් එකත් ටිකක් අයිස්ක්‍රීම් වගේ. එවගේම ෆ්‍රෝසන් යෝගට් එකට වඩා රස අයිස්ක්‍රීම් යෝගට් ජාති ගොඩක් මෙතන තියෙනවා. කට්ටිය මෙතන විදියට ආස වුනාට මොකද හැමෝටම සුබදායී අත්දැකීමක් නැති වුනු පාටයි. අහපු අහපු හැමෝම කිවුවෙ එතරම් සුබදායී කතා නෙමෙයි. ගොඩක් දුරට පැණි රස අඩු අයිස්ක්‍රීම් එකක රසක් තමයි එන්නෙ. මහ ගානක් යන්නෙ නං නෑ.

 

 

 

2018-04-09-ent-133

Elephant House Hub

2018-06-07-ent-30

බම්බලපිටියෙ මැජස්ටික් සිටියෙ ෆුඩ්කෝට් එකේ කොනක තියෙන මේ කඩේ අයිස්ක්‍රීම්වල එලිෆන්ට් හවුස් පෙට්ටියෙ එන අයිස්ක්‍රීම්වලට වඩා හොඳ බර රසක් තියෙන බව නං අත්දැකීමෙන් කියන්න පුළුවන්. තමුන් කැමති රසෙන් අයිස්ක්‍රීම් වගේම මැංගෝ ටැංගෝ වගේම කුකී ක්‍රීම් එකක් වුනත් රස බලන්න කියාපු තැන. ගනං හොඳටම ෂේප්. රස ඉහටත් උඩින්.

 

 

 

 

2018-04-09-ent-134

Frozen

2018-06-07-ent-31

හයිඩ් පාක් කෝනර් එකේ ආපිකෝ එක ඇතුළෙ තියෙන මේ කඩේ පීනට් බටර් චොකලට් එකයි, බෙල්ජියන් චොකලට් එකයි අයිස්ක්‍රීම් විදියට කාලා බලනවනං මරු. දෙන්නෙකුට කන්න දාහකට අඩුවෙන් තමයි වියදම. පැෂන්ෆෘට් අයිස්ක්‍රීම් එකකුත් කන්න තිබුනනම් හොඳයි. අපි නම් කාලා දැන් ටිකක් කල් වෙන නිසා කෝකටත් ආයෙ ගිහිල්ලම හොඳ නරක බලන්න සිද්ධ වෙනවා.

 

 

Text – The Rattle Snake

Pix – The Lord Google/ Shops them Selves / Zomato.com / Yamu.lk