බබල් ටී බොන්න කොළඹ අවට ජොයින්ට්ස් 7ක්



ලංකාවෙ අපිට තේ කියන්නෙ බෝතලේට මූඩිය වගේ තමයි. උදේ ඇහැරිලා කිරිතේකයි. ඔෆිස් ඇවිල්ලා දහයට ප්ලේන්ටියයි. දවල් කාලා නිදිමත යන්න ප්ලේන්ටියයි. හවසට ඔෆිස් එකෙන් කිරිතේකයි. ඔෆිස් ඇරිලා පෙට්ටිකඩෙන් ප්ලේන්ටියයි. රෑට පොතක් කියවන්න අරගෙන නිදාගන්න කලින් හකුරු කෑල්ලයි කහට එකයි විදියට දවසට තේ බොන්න අපි පුරුදු වෙලා තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ විදියෙ තේ ගැන නෙමෙයි. මේ වෙනස්ම විදියක තේකක්. මේ තේකට තේ කිවුවට තේ කියන්නත් හිතෙන්නෙ නෑ වගේ. විවිධ රසයන්ගේ අයිස් ටී එක්ක ජෙලි වගේ බෝල ටිකක් රසට හැපෙන මේ තේකක් වෙනස් රසක් ඔබට දේවි. මේ කියන්න යන්නෙ කොළඹ සහ අවටින් බබල් ටී බොන්න පුළුවන් තැන් ටිකක්. ගනං තමයි ටිකක්. හැබැයි රසයි!
 

 

20180705Name-01

20180705Travel-02

තිබ්බෙ බම්බලපිටියෙ. සුප්‍රකට සරස්වතී ලොජ් එක කිට්ටුවෙන්ම. ඒත් දැන් කඩේ වහලා. අපි මේක මේ ලැයිස්තුවට දැම්මෙ හේතුවක් ඇතුව. මේ ලංකාවෙ තිබ්බ මුල්ම බබ්ල් තේ කඩයක්. බබ්ල් තේ කියන්නෙ තායිවානෙ බීමක්. කිවුවත් වගේම කඩේ හිටියෙත් ලස්සන තායි ගෑනු ළමයි. පළතුරු රස, කිරි රස තේවර්ග අතරේ රසට ජෙලි බෝල හැපි හැපි කන්න මෙතන මරු තැනක්. ඒ වගේම ගාලු පාර අයිනෙ තිබුනා කියලා නෑ, කඩේ මිළ ගනනුත් සාමාන්‍යයි. ඒ වගේම කවදාකත් දැකපු නැති කෑම ජාතිත් මෙතන තියෙනවා. ස්ට්‍රෝෙබරි ජූස් බබ්ල් එකේනං රස උපරිමයි. දැන් කඩේ වහලා සැළකිය යුතු කාලයක් තිබුනත් ආයෙ විවෘත වෙන්නත් 


 

20180705Name-02

20180705Travel-05

තියෙන්නෙ ඩුප්ලිකේෂන් පාරෙ ලිබර්ටි ප්ලාසා එකේ. කොළඹට තියෙන ප්‍රසිද්ධම බබල්ටී කඩේ තමයි මැබ්රොක් එක. මේකෙ තියෙනව සීතල තේ, උණු තේ, හර්බල් තේ, පළතුරු තේ වගේම බබල් තේ. එයාලගේ බබල් බෝල වගේ නෙමෙයි. විවිද හැඩයන්ගෙනුත් තියෙනවා. රුපියල් තුන්සීයකට අඩුවෙන් හොඳ බබල් ටී එකක් බොන්න මෙතනින් පුළුවන්.මේ බබල් හදන්නෙ මඤ්ඤොක්කා පිටිවලින්ලු. මෙයාලගේ ස්ට්‍රෝබෙරි බබ්ල් ටී එක ප්‍රසිද්ධයි. 


 

20180705Name-03

20180705Travel-01

මේක තියෙන්නෙ මේට්ලන්ඩ් චන්ද්‍රවංකයෙ. පෙණුම හොඳට තියෙනවා. රසත් හොඳටම තියෙනවා. බබල් එකෙත් අමුතු කොලිටියක් තිබුනට මොකද මිළ ගනංනං වැඩියි. හොඳ බබල් ටී එකකට පන්සීයකට කිට්ටු වෙන්න වියදං වෙනවා. විශේෂතා බොහොමයක් නැතත් තැන නිස්කලංකයි. මෙතන තියෙන යෝගට් ෆ්ලේවර් එකේ තේ සහ ස්ලෂීස් හොඳ මට්ටමක තියෙනවා.


 

20180705Name-04

20180705Travel-03

තියෙන්නෙ ක්වීන්ස් පාරෙ. කොල්ලුපිටියෙ. ගාල්ලෙත් තියෙනවා. බුබුළු තේ බොන ගමන් කන්න දේත් එමටයි. නියම රස සැන්ඩ්විච් තියෙනවා. කෑම රසටත් වඩා බීමවල රස ඉස්මතු වෙනවා. කෝප්පෙත් වෙනස්. කොහොමත් බබල් තේ බොන්න එන ස්ට්‍රෝ එකනං පීවීසී බටයක් වගේ. මොකද බුබුළු ටික ඇදිලා එන්න ඉඩ තියෙන්න එපැයි. ගාන ටිකක් වැඩි වුනාට මොකද නියම හැන්දෑවක් ගතකරන්න බබ්ල්මන්ට් කියාපු තැන. අයිස් තේවලට පළතුරු රස බබ්ල් බෝල වැටුනම රස කියල වැඩක් නෑ.


 

20180705Name-05

20180705Travel-04

ඔන්න තවත් හිතටයි, අතටයි, කටටයි, බඩටයි ගැලපෙන බබ්ල් තේ ජොයින්ට් එකක් ගැන කියන්නයි යන්නෙ. තියෙන්නෙ ජා ඇල. කේසෝන් එකේ තියෙන කඩ අතරෙ මේ කඩේ ප්‍රසිද්ධ වෙන හේතු ගොඩක් තියෙනව. එක තමයි ප්ලේස් එකේ ලස්සන. අනික දරන්න පුළුවන් මිළ ගනං. අනිත් දේ තමයි තෝරගන්න තියෙන බබ්ල්තේ වර්ග ගණනාව. ඒ ඔක්කොටම ඉහලින් තියෙන්නෙ රස. සැපට සැපේ බීන් බෑග් එකක් උඩ වැටිලා මොනවහරි කන ගමන්ම බබ්ල් තේ පාරක් උගුර පුරෝල යද්දි තියෙන රස කියල වැඩක් නැහැ.


 

20180705Name-06

20180705Travel-06

හයිඩ්පාක් කෝනර් එකේ ආපිකෝ එක ඇතුළෙන් යන්න පුළුවන් කන මනුස්සයට පේන්න කෑම උයන අර්බන් කිචන් එකේ තියෙනව බබ්ල් ටී. පොපී හැනා කියන්නෙ ජපන් අවන්හලක්. ජපන් කෑම, සුෂී වර්ග අතරෙ බබ්ල් ටී බොන්න මෙතනට එන සෙනග වැඩියි. හැබැයි ඉතින් සුෂී කාලා බබ්ල් ටී බොන්න නං අපි කියන්නෙ නෑ. බබ්ල් ටී එකනං රසයි. ගානනං රසට වඩා වැඩියි. 


 

20180705Name-07

20180705Travel-07

මේක තියෙන්නෙත් ලිබර්ටි ප්ලාසා එකේම තමයි. ආයෙ තියෙනව පොෂ් බබ්ල් ටී කඩවලට සුපුරුදු ප්‍රශ්නය. ඒක තමයි ගාන වැඩියි. විවිධත්වය අඩුයි. හැබැයි ඉතිං රසයි. කොහොමත් බබ්ල් ටී කියන්නෙ දාහය නිවන්න කදිම බීමක්. ඉඳල හිටල හොඳට වැස්සට දාහය කියන එක මේ දවස්වල හොඳටම තියෙනවත්නෙ ඉතිං. පන්සීයකට කිට්ටු වෙන වියදක් මෙයාලගෙ බබ්ල් ටී එකටත් යනව. මේකෙ බබ්ල් ටී විතරක් නෙමෙයි තියෙන්නෙ. කැෆේ ටයිප්, හොඳට කන්න තියෙන ප්ලේස් එකක්. මෙයාලගෙ මයිලෝ බබ්ල් ටී එකටතමයි හැමෝම කැමති.