එල්ටන් ‍ජෝන් චරිතය සිනමාවට


2018-06-20-ent-27

බටහිර සංගීත ලෝකයේ වර්ණවත් කරනු ලැබූ ප්‍රවීණ ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපටයක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා එල්ටන් ජෝන්ද සහභාගි වී තිබේ. සංගීතමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙය, ලබන වසරේ මැයි මාසයේ එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට මෙහි රූගත කිරීම ඇරඹෙන අතර, ‘රොකට් මෑන්’ ලෙස මෙම චිත්‍රපටය නම් කර තිබේ.