අත්තම්මා සමග සාරා ගිය ගමනේ ඇත්ත කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගීත රැසක්ම ඇතුළත් වූ ආරාධනා හින්දි චිත්‍රපටයේ ප්‍රධාන නිළියට පණ පෙවූ ශර්මිලා තාගෝර් අදටද බොහෝ දෙනෙකුගේ මතකයේ පවතියි. සායිෆ් අලී ඛාන්ගේ මව වූ ශර්මිලා ප්‍රකට ක්‍රිකට් ක්‍රීකයෙකු වූ මන්සූර් අලී ඛාන්ගේ බිරිඳද වෙයි.

යොවුන් සිනමා නිළි සාරා මිනිපිරිය සමගින් පසුගිය දිනවල ශර්මිලා එකට චිත්‍රාගාර කිහිපයකදීම දකින්නට ලැබුණ අතර, සාරා පවසන්නේ තම අත්තම්මා වසර 12කට පසුව නැවතත් චිත්‍රපටයක රඟපාන බවය. ඒ ගුල්මෝහර් චිත්‍රපටයේය. එම රූපගත කිරිම් කටයුතුවලදී සාරා සිය අත්තම්මා වූ ශර්මිලා සමගින් ඡායාරූප කිහිපයක් ගෙන තිබෙන අතර, ඒවා ඇයගේ සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කරද තිබේ. ප්‍රවීණ රංගන ශිල්පිනිය අවසන් වරට පෙනී සිටියේ දීපිකා පදුකෝන් සහ ඉම්රාන් ඛාන් රඟපෑ ‘බ්‍රේක් කේ බාද්’ චිත්‍රපටයේය.