ඇමි ජැක්සන් මෙවර දිවාලිය චෙන්නායිවල සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන ඇමි ජැක්සන් මේ වනවිට ඉන්දියාවේ චෙන්නායි නගරයට පැමිණ සිටියි. ඒ විජයන් අධ්‍යක්ෂණය කරන Acham Enbathu Illayae චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාය. ඇය මෙහි අරුන් විජේ සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ඇය මෙහි බ්‍රිතන්‍ය ජාතික කාන්තාවකගේ චරිතය නිරූපණය කරනු ලබයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර ගත කළ ඇමි ජැක්සන් සිය විවාහය මෙන්ම පළමු දරුවා ලැබිමෙන් පසුව රංගනයෙන් තාවකාලිව සමුගත්තේය. ඇය වසර ගණනාවකට පසුව ඉන්දියාවේදී සිය දිවාලි උත්සවය සමරන්නට වූ අතර, එදින තම දරුවා සමගින් ගත් ඡායාරූප රැසක් ඇමි විසින් සිය සමාජ පිටු අතරේ පළ කරද තිබේ.