ඉන්දීය චිත්‍රපටවල වැඩ කරන්නට අකමැති ෆවාඩ් ඛාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දුටු ෆවාඩ් ඛාන් මින් ඉදිරියට ඉන්දීය චිත්‍රපටවලට එකතු වීමට කැමැත්තක් නැති බව පවසා ඇත. පාකිස්තානු සිනමා නළුවෙකු වූ ෆවාඩ් පසුගිය කාලයේ ඉන්දු පකිස්තානු යුදගැටුම් හේතුවෙන් ඔහු ඉන්දීය චිත්‍රපට සඳහා එක්වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔහු පවසන්නේ තමන් යම් ඉන්දීය නිර්මාණයකට දායක වුවහොත් එය තවකෙකුට කරදරයක් විය හැකි බවය. මේ වනවිට පාකිස්තානු සිනමා නිර්මාණ සඳහා පමණක් දායක වන ෆවඩ් ප්‍රකට මාවල් හොලිවුඩ් චිත්‍රපටයක් හා කතා මාලාවක් සඳහාද මේ වනවිට එක්ව තිබේ.