උපන්දිනය දවසට ප්‍රභාෂ්ගෙන් රසිකයන්ට තෑග්ගක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රභාෂ් සහ පූජා හෙග්ඩේගේ රංගනයෙන් හැඩවෙන අලුත්ම තෙලිඟු චිත්‍රපටයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. එය Radhe Shyamය. එහි පළමු පෝස්ටරය මෑතකදී නිකුත් වුණා. ප්‍රභාෂ්ගේ උපන්දිනය නිමිත්තෙන් ඔක්තෝබර් 23 වැනි දිනට චිත්‍රපටයේ ඕඩියෝ ඇල්බමයේ පළමු ගීතය එළිදැක්වීමට Radhe Shyamහි නිෂ්පාදකයන් සැලසුම් කර තිබේ. කෙසේ වෙතත්, මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොමැති නමුත් මෙය නිසැකවම ප්‍රභාෂ්ගේ සියලුම රසිකයන්ට සුබ ආරංචියක් වනු ඇත. ජස්ටින් ප්‍රභාකරන් විසින් රචනා කර ඇති මෙම ගීතය රූගත කර ඇත්තේ ඉතාලියේදීය. 

මෙම ආදර කතාව 1970 දශකයේ යුරෝපය වටා දිවෙන අතර ඉතාලිය, ජෝර්ජියාව සහ හයිද්‍රාබාද් යන නගරවල රූගත කිරීම් සිදුකර ඇත. මීට පෙර, චිත්‍රපටයේ තිරගත වීමේ දිනය සංශෝධනය විය හැකි බවට කටකතා පැතිර ගොස් තිබූ අතර, මෙම චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 14දා තිරගත වීමට නියමිත වේ. Radhe Shyamහි සචින් බෙඩෙකාර්, ක්‍රිෂ්නම් රාජු, ප්‍රියදර්ශි, භාග්‍යශි්‍ර, කුනාල් රෝයි කපූර්, සත්යන්, මුරලි ෂර්මා සහ සාෂා චෙට්රි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකවේ.  රාධ ක්‍රිෂ්ණන් කුමාර්ගේ රචනයෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් හැඩ වෙන මෙම චිත්‍රපට නිෂ්පාදනය කරනු ලබන්නේ යූවී ක්‍රියේෂන්ස්, ගෝපිකිෂ්ණා පික්චර්ස් සහ ටී-සීරීස් යන බැනර් යටතේය.