කැප්ටන් ඇමෙරිකා අලුත් චිත්‍රපටයට කළු කෙල්ලෙක් එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන වසරේ මැයි තුන්වැනිදා නිකුත් වීමට නියමිත කැප්ටන් ඇමෙරිකා - නව් වර්ල්ඩ් ඕඩර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා කළු ජාතික සිනමා නිළියක් වූ ශෝෂා රොක්මෝර් සම්බන්ධ කරගෙන ඇති බවට මීට දින කිහිපයකට පෙර මාවල් චිත්‍රපට සමාගම විසින් මාධ්‍යයට දැනුම්වත් කර ඇත.

ජුලියස් ඕනා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය 2021 වසරේ මාවල් සමාගම විසින් නිකුත් කළ ෆැල්කන් ඇන්ඩ්ද වින්ටර් සෝල්ඩර් කතා මාලාව අනුසාරයෙන් නිර්මාණය කරන බව සඳහන් වෙයි. මෙම කතා මාලාවේ කැප්ටන් ඇමෙරිකා චරිතයට එක්වූ ඇන්තෝනියෝ මකායි විසින් අලුත් කැප්ටන් ඇමෙරිකා චරිතයට පණ පොවයි.