කරන් ජෝහර් තම අලුත්ම චිත්‍රපටයේ තොරතුරු ප්‍රසිද්ධ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ කිර්තිමත් නමක් දිනාගත් සිනමාවේදියෙකු වන කරන් ජෝහර් තම අලුත්ම චිත්‍රපටයේ තොරතුරු මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කර තිබේ. ඔහු පවසන්නේ තම අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ජනප්‍රිය යොවුන් නළුනිළි යුවළක් වන ටයිගර් ෂෙරෙෆ්ට හා දකුණු ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දනාට ලබාදි ඇති බවය.

ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශාසන්ක් කයිතාන් විසින් වන අතර, නිෂ්පාදනය කරන් ජෝහර්ට අයත් ධර්ම් චිත්‍රපට නිෂ්පාදනය ආයතනය විසින් සිදු කරනු ලබන බව කරන් ජෝහර් සිය සමාජ පිටු අතරේ සජිවිව එක්වෙමින් පවසා ඇත.