කොල්කොටාවේ පෙන්වන දැවැන්ත ප්‍රසංගය ජනවාරියේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් අති දැවැන්ත නර්තන ප්‍රසංගයක් කොල්කොටා නගරයේ පැවැත්වීමට නියමිතව ඇත. එය එළැඹෙන 2023 වසරේ ජනවාරි 19 වැනිදා ප්‍රේක්ෂකයින් 75,000කට පහසුකම් ඇති Eco Park ක්‍රීඩංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබේ. සල්මාන් කොල්කොටා නගරයේ මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නේ වසර 13කට පසුව වීම විශේෂත්වයකි.

මෙය සල්මාන්ගේ සොහොයුරු සොහෙල් ඛාන් විසින් සංවිධානය කර තිබෙන අතර, ඔහු හා සල්මාන්ගේ ප්‍රධාන ආරක්ෂකයා වූ ෂෙරා මීට දින කිහිපයකට පෙර Eco Park ක්‍රීඩාංගණයට පැමිණ එහි ආරක්ෂක තත්ත්වය පිරික්ෂා ඇතැයි වාර්තා වෙයි. මෙම ප්‍රසංගය සඳහා සල්මාන්ට අමතරව සොනක්ෂි සින්හා, ප්‍රභුදේවා, ජැකලින් ෆර්නැන්ඩෙස්, ආයුෂ් ෂර්මා, වරීණා හුසේන් සහභාගි වීමට නියමිතව ඇත.