කෝලී වෙනුවෙන් රිතික් ඇතුළු පිරිසක් විරෝදය පළ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු අප්‍රිකාව සමග පැවැති ක්‍රිකට් තරගය නිමාවත් සමග විරාත් කෝලි තම හෝටල් කාමරයේදී දැඩි නොසන්සුන්ව හැසිරෙන විඩියෝවක් කිසියම් පුද්ගලයෙකු විසින් විඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැර තිබෙන පුවතක් වාර්තා වෙයි. මේ වෙනුවෙන් අනුෂ්කා ෂර්මා ප්‍රසිද්ධියේම සිය අප්‍රසාදය පළ කර අතර, ඊට සහය දක්වමින් සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන්ද සිය සමාජ පිටු හරහා මේ පිළිබඳව තමන් තුළ ඇති දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

ඔහු පවසන්නේ කිසියම් තරු පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන සේ මෙවැනි දේ කිරිම දැඩි ලෙස හෙළා දකින බවය. රිතික්ව අනුගමනය කරමින් මේ වනවිට අභිෂේක් බච්චන්, වරූන් ධාවන්, අජේ දේව්ගන්, ආක්ෂේ කුමාර්, කාර්තික් ආර්යයන් ඇතුළු නළුනිළියන් රැසක් මෙම සිද්ධියට සිය ප්‍රතිචාර දක්වා තිබුණි.