ඩිවෝන් දේශපාලනයට එක ලකුණු..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොව ධනවත්ම රංගන ශිල්පියා ලෙස හඳුන්වන ඩිවෝන් ජොන්සන් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටය වූ ‘බ්ලැක් ඇඩම්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, පසුගියදා ඔහු සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා කළ ප්‍රකාශයක් කෙරෙහි මේ වනවිට මුළුමහත් ලෝකයේම අවධානය යොමු වී තිබේ.

ඔහු ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ සටහනක් තබා තිබුණේ තමන් දේශපාලනයට පිවිසෙන්නට දැඩි කැමැත්තකින් පසුවෙන බවය. ‘ ඔබ කැමති නම් මා දේශපාලනයට පිවිසෙනවාට එය මා නිහතමානිව භාර ගන්නවා’ යැයි ඩිවෝන් සිය සටහන තුළ පළ කොට ඇත.