තම සුරතල් බල්ලා වෙනුවෙන් අමිතාබ් තැබු සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ මෙගා තරුව ලෙස හඳුන්වන අමිතාබ් බච්චන්ගේ නිවසේ කාලයක් තිස්සේ හැදි වැඩුණ Golden Retriever වර්ගයේ බලු පැටියෙක් මිට දින කිහිපයකට පෙර රෝගාතුර වී මරණයට පත්ව ඇත. වයස අවුරුදු තුනකට ආසන්න මෙම බලු පැටියා අමිතාබ් විසින් ඉතා ඉහළ මුදලකට මිළඳි ගෙන ඇත.

ඔහු සිය බලු පැටියාගේ මරණය වෙනුවෙන් තම සමාජ පිටු අතරේ ‘අපේ පුංචි යාළුවා. ඊට පස්සේ එයා ලොකු වෙලා දවසක අපිව දාලා ගියා’ ලෙස සටහනක් තබා තිබුණි. ඔහු මරණයට පත් බලු පැටියාද තුරුල් කරගෙන ගත් ඡායාරූපයක්ද මීට එකතු කර තිබුණි. බොහෝ පිරිසක් ඊට සිය ශේකය පළ කර තිබෙනු දක්නට ලැබුණි.