පාඩු පිට ප්‍රදර්ශනය වන කංගනාගේ ‘ධකාඩ්’ චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට සතියකට පෙර ප්‍රදර්ශනය ආරම්භ වූ කංගනා රනවුත්ගේ ‘ධකාඩ්’ චිත්‍රපටය මේ වනවිට පාඩු ලැබු චිත්‍රපට ගොන්නට එකතු වී තිබේ. ඉන්දීය රුපියල් කෝටි 8.5ක මුදලකින් තැනුණ මෙම චිත්‍රපටය මේ වනවිට උපයගෙන ඇත්තේ කෝටි 2.5ක් බව සඳහන් වෙයි.

විචාරකයින් පවසන්නේ මෙහි ඉහළ ගුණාත්මක පිටපතක් හොර රහසේ අන්තර්ජාලයට නිකුත් වීම හා කාර්තික් ආර්යයන්ගේ ‘බූල්බුලයියා’ දෙවැන්න අති සාර්ථකව ප්‍රදර්ශනය වීමත් හේතුවෙන් මෙම චිත්‍රපටය අසාර්ථක වීම හේතුවූ බවය. කංගනා යනු අදටද චිත්‍රපටයක් සඳහා ඉහළ මුදලක් අය කරන ඉහළම නිළිය වෙයි.