බ්‍රිට්නි ස්පියර්ස් තෙවැනි වරටත් විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

90 දශකයේ බටහිර ගීත ලෝකයේ කිරුළ දැරූ ගායිකාවක වූ බ්‍රිට්නි ස්පියර්ස් තෙවැනි වතාවටත් විවාහ වූ බව නිවේදනය කර තිබේ. 39 හැවිරිදි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන 27 හැවිරිදි සෑම් අස්ගරි සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබේ.

ස්පියර්ස් මීට පෙර දෙවරක් විවාහ වී ඇති අතර එක් වරක්, 2004 දී ඇය ලාස්වේගාස් හිදී ඇගේ ළමා මිතුරා වූ ජේසන් ඇලෙක්සැන්ඩර් සමඟ විවාහ විය.

නමුත් එම විවාහය ඉතා ඉක්මනින් අවලංගු විය.

එම වසරේම ඇය දරුවන් දෙදෙනෙකු සිටින නර්තන ශිල්පී කෙවින් ෆෙඩර්ලින් සමඟ විවාහ වූ අතර 2007 දී මෙම යුවළ දික්කසාද වූහ.

මෙම යුවළ ප්‍රථම වරට හමු වී ඇත්තේ 2016 වසරේ දීයි.