බොලිවුඩ් සිනමාවේ රජුන්ට අවුරුදු 57ක් සපිරේයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ සිටින සුපිරි ඛාන් සිනමා නළුවන් අතරින් වයස්ගතම නළුවා වන ෂාරුක් ඛාන් නොවැම්බර් මස 02 වැනිදා සිය 57 වැනි උපන්දිනය සමරනු ලැබීය. මේ වෙනුවෙන් උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ෂාරුක් ඛාන් වෙනුවෙන් උත්සව සංවිධානය කර තිබුණ අතර, ඉන්දීය රූපවාහිනි නාලිකා කිහිපයකම ඔහුගේ චිත්‍රපට රැසක් විකාශය කරන්නටද කටයුතු කර තිබුණි. 

ෂාරුක් සිය උපන්දිනදා උදෑසන බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති සිය මන්නත් නිවසේ උඩුමහල් තලයට පැමිණ තමන්ට සුබපැතිමට පැමිණි දහස් සංඛ්‍යාත රසික පිරිස් මුණ ගැසුණ අතර, ඒ සියලු දෙනාටම කේක් හා බීම සංග්‍රහයක්ද ලබා දෙන්නට ඔහු කටයුතු කර තිබුණ බව සඳහන් වෙයි.