රඟපාන්න ලැබුණ චිත්‍රපටය අමිර් ඛාන් නිෂ්පාදනය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ලාල් සිං චඩ්ඩා’ චිත්‍රපටය අසාර්ථක වීමත් සමග අලුත් චිත්‍රපටයක වැඩ භාර ගැනීමට කල්ගත් සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් මීට සති කිහිපයකට අලුත් චිත්‍රපටයක රඟපෑමට කැමැත්ත පළ කර තිබුණි. ඒ ආර්.එස්. ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලුත්ම චිත්‍රපටය සඳහාය.

මෙය ප්‍රංශ චිත්‍රපටයක් වූ ‘චැම්පියන්ස්’ හි ප්‍රති නිර්මාණයකි. කෙසේ වෙතත්, අමිර් ඛාන් මෙහි තිර පිටපත කියවිමෙන් පසුව චිත්‍රපටයේ රඟපැමෙන් ඉවත්ව ඇති අතර, පසුව ඔහු එය නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වී ඇත.

එය අපූරු තිර රචනයකි, එය ලස්සන කතාවක්, එය ඉතා හද උණුසුම් කරවන සහ සුන්දර චිත්‍රපටයකි වේවි, නමුත් මට විවේකයක් ගැනීමට අවශ්‍ය බව මට හැඟේ. මට මගේ පවුල සමඟ සිටීමට අවශ්‍යයි, මට මගේ මව සහ මගේ දරුවන් සමඟ සිටීමට අවශ්‍යයි. ඒ නිසා මම මෙය නිෂ්පාදනය කරන්නට කැමැත්ත පළ කළ බව අමිර් පවසා තිබේ.