රන්බිර් සිය පියා රඟපෑ චිත්‍රපට ප්‍රතික්ෂේප කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අති සාර්ථක ‘බ්‍රහ්මාස්ත්‍රා’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන රන්බිර් කපූර් සිය පියා රංගනයෙන් දායක වෙන චිත්‍රපට කිහිපයක ප්‍රතිනිර්මාණ සඳහා එකතු වීමට අකමැත්ත පළ කර තිබෙන බව සඳහන් වෙයි. ඔහු ඒ බව කියා තිබුණේ රූපවාහිනි වැඩසටහනක් අතරතුරදීය.

ඔහු පවසන්නේ සිය පියාගේ රංගනය හා තමන්ගේ රංගනය කිසිදා එකිනෙකට සංසන්දනය කළ නොහැකි බවය. එමෙන්ම තමන් තම පියාගේ චිත්‍රපටවල රඟපෑවොත් එය පියාට කරන අවමානයක් බවද ඔහු මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ. වරක් පියාගේ චිත්‍රපටයක් තමන් යොදා ප්‍රති නිර්මාණය කරන්නට සැරසුණ චිත්‍රපට අධ්‍යක්ෂක අශ්තෝෂ් ගවෙස්කාර් සමගින් අමනාප වන්නට සිදුවු බව රන්බිර් මෙහිදි මතක් කර තිබුණි.