ලොකේෂ් හොඳම දමිල සිනමා අධ්‍යක්ෂවරයා වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

10 වැනි දකුණු ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදී දමිල චිත්‍රපට අංශයේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ විජේ රඟපෑ ‘මාස්ටර්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලොකේෂ් කනගරාජ්ටය. මේ වසරේ ඉහළම ආදායම උපයාගත් ‘වික්‍රම්’ චිත්‍රපටයේද අධ්‍යක්ෂවරයා වූයේ ඔහුය.

ලෝකේෂ් සමගින් ශිවකාර්තියාන් රඟපෑ ‘ඩොක්ටර්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නෙල්සන්, ධනුෂ් රඟපෑ ‘කර්ණන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මාරි සෙල්වරාජ්,  අර්යා රඟපෑ ‘සරපට්ටි පරම්බරි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ පා රංජිත්, කංගනා රණවුත් රඟපැ ‘තලවි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඒ. එල්. විජේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වි සිටියහ.