අසාර්ථක චිත්‍රපට ගැන කතා කරන සාරා අලී ඛාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය සිනමා නළුනිළි යුවළක් වන සායිෆ් අලී ඛාන්ට හා අම්රිතා සිංට දාව උපන් සාරා අලී ඛාන් මිට වසර පහකට පෙර බොලිවුඩ් සිනමාවට පිවිසියේය. කරන් ජෝහර්ගේ කේදර්නාත් මෙන්ම රෝහිත් ෂෙට්ටිගේ සිම්බා අති සාර්ථක චිත්‍රපට හරහා පැමිණි ඇය මෑත කාලයේ ප්‍රදර්ශනය වූ අතිරංගේ හා ලව් ආජ් කල් චිත්‍රපට හරහා අසාර්ථක සිනමා නිළියක් බවට පත් විය.

ඇය පවසන්නේ ඕනෑම නිළියකට අසාර්ථක කාලයක් පැමිණෙන බවත් එය හැමදාටම නොපවතින දෙයක් බවත් තමා දතේරුම් ගෙන ඇති බවය. තවමත් සිනමාව ගැන හරි හැටි අවබෝධයක් තමන්ට නොමැති බව පවසන ඇය ඉදිරියේදී සැමවිටම චිත්‍රපටයක් සාර්ථක කරගන්නට තමන්ගේ උපරිමය ලබා දෙන බවද ඇය පවසා ඇත.