සල්මාන්ගේ හිටපු පෙම්වතිය නැවතත් බොලිවුඩ් සිනමාවට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සල්මාන් ඛාන් විවාහ ගිවිස ගත් බවට කාලයක් කට කතා පැතුරුණ බොලිවුඩ් සිනමා නිළි සොමි අලි නැවතත් බොලිවුඩ් චිත්‍රපට රංගනයට පිවිසෙන බවට තොරතුරු වාර්තා වෙයි. 1990 වසරේ බොලිවුඩ් සිනමා රංගනයට එක්වූ ඇය 1999 වසරේදී සිය අධ්‍යපනය සම්පුර්ණ කිරිම සඳහා ඇමෙරිකාවට ගොස් තිබුණි.

ඒ කාලයේදී සුපිරි නළු සල්මාන් සමග විවාහ ගිවිසගත් බවට රාවයක් ගියද ඇය ඒවා ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාව හැරදා විදෙස්ගතව තිබුණි. පසුව වාර්තා වුයේ සල්මාන් සමග ඇතිවූ විරසක විමක් හරහා ඇය ඉන්දියාවෙන් පිටත් වූ බවය. කෙසේ වෙතත්, ඇය මේ වනවිට බොලිවුඩ් සිනමාවට එක්විමට සූදානමින් සිටින අතර, ඒ සල්මාන්ගේම චිත්‍රපටයක් තුළින් බව සඳහන් වෙයි.