‘ඉන්දියානා ජෝන්ස්’ අලුත් චිත්‍රපටයේ පළමු ඡායාරූපය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටයේ වැඩ කටයුතු මීට දින කිහිපයකට පෙර ආරම්භ කර ඇත. මෙම චිත්‍රපටයේද සුපුරුදු පරිදි ප්‍රධාන චරිතය සඳහා එකතු වූ ඇත්තේ හැරිසන් ෆෝඩ්ය. අවසන් වරට ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්‍රපටයක් නිකුත් වූයේ 2008 වසරේදීය.

හැරිසන් පසුගිය ජුනි 14 වැනිදා මෙම චිත්‍රපටයේ පළමු ඡායාරූපය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණි. ඔහු ඊට ‘නැවතත් ආචාර්ය ජෝන්ස් සාදරයෙන් පිළිගනිමු’ යැයි කෙටි සටහනක්ද තබා තිබුණි.