ආක්ෂේගේ චිත්‍රපටයක් හදිසියේම ප්‍රදර්ශනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ගේ අලුත්ම චිත්‍රපටය ජූලි 27 වැනිදා අන්තර්ජාලයට යොමු කිරිමට සූදානම් කර ඇතැයි වාර්තා වෙයි. ආක්ෂේ රංගනයෙන් දායක වූ චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය වීමට මේ වනවිටත් පෙළගැසී තිබෙන අතර, මීට වසර දෙකකට පෙර සියලු වැඩ අවසන් කළ රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ චිත්‍රපටයද ඒ අතර ඇත.

කෙසේ වෙතත්, ජූලි 27 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත්තේ ආක්ෂේ හා වානී කපූර් රංගනයෙන් දායක වූ ‘බේල් බොටම්’ චිත්‍රපටයයි. මෙහි ලාරා දත්තා මෙන්ම හුමා කුරේෂිද රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටයට පසුව අගෝස්තු 06 වැනිදා ආක්ෂේගේ ‘අතිරංගී’ චිත්‍රපටයද ප්‍රදර්ශනය වීමටද නියමිතව ඇත.