‘කැප්ටන් ඇමෙරිකා’ගේ පෙම්වතිය සෙලීනාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කැප්ටන් ඇමෙරිකා’ ලෙස ලොවපුරා සිනමා ලෝලීන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වූ හොලිවුඩ් සුපිරි නළු ක්‍රිස් එවන්ස් මේ වනවිට යළිත් වතාවක් පෙම්වතෙක් වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ වසර කිහිපයක් ඇමෙරිකානු පොප් ගායක ජස්ටින් බිබර්ගේ පෙම්වතිය බවට පත්ව සිටි සෙලිනා ගෝමස් සමගය.

ඔවුන් දෙදෙනා පසුගිය සතියේ දින කිහිපයක් තුළදිම නිව්යෝර්ක්හි ප්‍රසිද්ධ අවන්හලක දහවල් හි රාත්‍රි ආහාර ගනිමින් සිටින බවට රසිකයින් පිරිසක් දැක ඇති අතර, ඔවුන් එය ‘ටිවිටර්’ සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර ඇත. එමෙන්ම මේ වනවිට ක්‍රිස් හා සෙලීනා ප්‍රසංග කිහිපයක් ලෙවපුරා පැවැත්වීමටද සැළසුම් කර තිබෙන බවට තොරතුරු වාර්තාවන අතර, ඒ හරහා ඔවුන් අතර මේ වනවිට ප්‍රේම සම්බන්ධයක් ඇති බවට බොහෝ දෙනෙකු අනුමාන කර ඇත.