සුකේෂ්ගේ නඩුවේ චූදිතයෙක් වූ ජැකලින්ට ඇප හම්බ වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක කප්පම් නඩුවේ චුදිතයෙකුගේ වන සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩෙස්ට මීට දින කිහිපයකට පෙර දිල්ලි අධිකරණය විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 2ක පුද්ගලික බැඳුම්කරයක් සහ එම මුදලටම ඇප නියම කළේය.

අවස්ථා කිහිපයකදීම ජැකලින් මේ සම්බන්ධව තමන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලීම් කළ අතර, පසුගිය නොවැම්බර් 15 වැනිදා දිල්ලි අධිකරණය නියෝගයක් මත ඇයට ඇප ලබාදීමට එකඟ වි තිබුණි. දිල්ලි අධිකරණය ඇයට මීට පෙර ඇප ලබා නොදීමට තිරණය කර තිබුණේ ඇය සම්බන්ධ කාරණා කිහිපයක් පදනම් කරගෙන බව ඉන්දීය මාධ්‍යයන් වාර්තා කර තිබුණි.