ෂාහිඩ්ගේ බිරිඳ මිරා සිය උපන්දිනය තනිවම සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම බිරිඳ ලෙස සැළකෙන මිරා රාජ්පුත් කපූර්ගේ 29 වැනි උපන්දිනය පසුගිය සැප්තැම්බර් 08 වැනිදාට යෙදී තිබුණී. කෙසේ වෙතත්, ඇයගේ උපන්දින සාදයක් පිළිබඳව එදින වාර්තා නොවුණ අතර, මිරා තනිවම විදෙස් රටක සිටින ඡායරූප කිහිපයක් ඇය විසින් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ බෙදාගෙන තිබුණී.

එහි ඇගේ සැමියා වූ ෂාහිඩ් කපූර්, දරුවන් වූ මිෂා මෙන්ම සයින්ද මෙම සංචාරයේදී ඇය බෙදාගත් ඡායාරූපවල දකින්නට නොලැබීමද විශේෂත්වයකි. කෙසේ නමුත්, ෂාහිඩ් කපුර් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ඇය වෙනුවෙන් උපන්දින සුබපැතුමක් ප්‍රසිද්ධ කර තිබුණ බව සඳහන් වෙයි.