බොලිවුඩ් නළු අනිල් කපූර් තවත් සුපිරි හොලිවුඩ් චිත්‍රපටයකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දශක හතරකට වඩා අධික කාලයක් සිනමා නළුවෙකු ලෙස කටයුතු කරමින් සිටින අනිල් කපූර් මේ වනවිට බොලිවුඩයේ සිටන අති දක්ෂ සිනමා නළුවෙකි. පෙම්වතා සිට දුෂ්ඨයා තෙක් විවිධ චරිතවලින් සිනමා ප්‍රේක්ෂයින් සතුටු කළ අනිල් කපූර් නැවත වරක් හොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබෙන බව වාර්තා වෙයි.

ඔස්කා සම්මාන රැසක් දිනූ ‘ස්ලම්ඩෝග් මිලියනර්’ ඔහුගේ පළමු හොලිවුඩ් චිත්‍රපටය වූ අතර, සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘මිෂන් ඉම්ෆොසිබල්’ පස්වැන්නේද ඔහු රංගනයෙන් දායක විය. මේ වනවිට ඔහුට ලැබී ඇත්තේ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වු ක්‍රිස්ටෝපර් නෙලන්ගේ චිත්‍රපටයක් බව සඳහන් වෙයි.